ආදරවන්තයන්ගේ දිනයට රෝස් හාට් පොට් එකක්

පෙබරවාරි 6, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

වෙළෙඳපොළෙන් ලබාගත්

ප්ලාස්ටික් පොටි එකක්

රතු ඒ4 කොළ

කම්බි කොටසක්

ෂේඩඩ් රතු හා සුදු නූල් හෝ වූල්

සුදු ගම්, හාට් ෂේප් බීඩ්ස්

සුදු රෝස හා රතු බීඩ්ස්

අඟල පළල සුදු ඩොට් සහිත

රතු රිබන් කොටසක්

කාඩ්බෝඩ් කොටසක්

කුවිලිං ටූල් එක

ඩ්‍රයිෆෝම් කොටසක්

නිර්මාණය කිරීම

පළමුව රතු ඒ4 කොළවලින් එකම ප්‍රමාණයට රවුම් කීපයක් කපාගන්න. ඉන්පසු එම රවුම් කොයිල් එකක් ආකාරයට කපන්න. දැන් එම කොයිල් ටූල් එක මඟින් රෝල්කර රෝස මල් සාදාගන්න.

ඉන්පසු කාඩ්බෝඩ් එකක් ගෙන එමගින් හාට් හැඩය කපාගන්න. පසුව එහි දෙපසට සාදාගත් රෝස මල් අලවා ගන්න. හිඩැස් සහිත තැන්වලට රතු බීඩ්ස් අලවා ගන්න. එල්ලීම සඳහා නූල්වලින් කොක්කක් සාදා ගන්න. පසුව කම්බිය ගෙන ඡායාරූපයේ පෙනෙන පරිදි කම්බිය නවා හැඩකර එහි වටේට වූල් ඔතාගන්න. දැන් එම කම්බි රවුම වටේට තැනින් තැනට හාට්ෂේප් බීඩ්ස් අලවාගන්න. සාදාගත් රෝස මල් හාට් එක එම හැඩකරගත් කම්බි රවුමට එල්ලා ගන්න. පසුව එම කම්බිය වෙළෙඳපොළෙන් ගත් ප්ලාස්ටික් පොට් එකට ඩ්‍රයිෆෝම් කැබැල්ලක් දමා සවිකරගන්න.

දැන් එම පොට් එක වටේට රිබන් එක මැදින් අලවා, අලවන තැන මැදට රෝසමල් අලවා ගන්න. පොට් එක ඇතුළට පෙනෙන පරිදි පබළු ටිකක් හෝ රෝසමල් ටිකක් දමා අලංකාර කර ගන්න.