වයින් වීදුරුවට හැඩැති රටාවක්

පෙබරවාරි 6, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

වයින් වීදුරුවක්

සුදු හා රතු ඒ ෆෝ කොළ

යුහු ගම්

රතු හාෆ් බීඩ්ස් සහ සුදු බීඩ්ස්

අඟල් 1/2 රතු රිබන් කොටසක්

හාට් හැඩයේ බීඩ්ස් (සුදු හා රතු)

කපල් ඩයි කට්ස් එකක්

කුවිලිං ටූල් එක

 

නිර්මාණය කිරීම

පළමුව සුදු හා රතු ඒ ෆෝ කොළවලින් විශ්කම්භය අඟල් 1 1/2 ක රවුම් හැඩ කපා ගන්න. දැන් කපාගත් රවුම් කොයිල් එකක් ආකාරයට වටේ කපා එය කුවිලිං ටූල් එක මඟින් රෝල්කර අලවා රොස මල් සාදාගන්න.

දැන් ඡායාරූපයේ පෙනෙන පරිදි රෝස මල් ටික යට සිට උඩට විහිදී යන ආකාරයට අලවා ගන්න. එහි උඩ හා යටට හාට් හැඩයේ රතු හා සුදු බීඩ්ස් දෙක බැගින් අලවා ගන්න. දැන් ඡායාරූපයේ පෙනෙන පරිදි කපල් ඩයි කට්ස් එකද අලවා සුදු බීඩ්ස් තැනින් තැනට අලවා ගන්න. පසුව රතු රිබන් එකෙන් යටින් බෝ එකක් ගැට ගසාගන්න.

ඉන්පසු වයින් වීදුරුවේ අඩිය වටේට හාෆ් බීඩ්ස් අලවා හාට් හැඩ බීඩ්ස් දෙකක් ද අලවාගන්න. එහි අසලින්ම රෝස මල් දෙකක්ද අලවාගන්න. නැවතත් තැනින් තැනට සුදු බිඩ්ස් කීපයක් අලවා නිමකරගන්න.