සෙරෙප්පු ද? මාල ද? බ්‍රේස්ලට් ද?

මාර්තු 20, 2019

සුන්දරත්වයෙන් අනූන ආයිත්තම් කලාවක් ලෙස පබළු නිර්මාණ කලාව අපි ඔබට හඳුන්වා දුන්නෙමු. එමඟින් විවිධ නිර්මාණ කරන අයුරු ද අපි ඔබට පහදා දුන්නෙමු. අද ගෙන එන්නේ සෙරෙප්පු හැඩ කරන්නට මෙන්ම මාල හා බ්‍රේස්ලට් ලෙස භාවිත කළ හැකි නිර්මාණයකි. බලන්න, ඔබටත් එය පහසුවෙන් නිමකරගත හැකි ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

නොම්බර 6 පර්ල් පබළු

නොම්බර 0.50 තංගුස්

 

නිර්මාණය කරන ආකාරය

අංක 1 රූපයේ පරිදි යාර 2 ක් පමණ දිග තංගුස් පොටක් ගෙන පබළු 6 ක් දමාගන්න. පබළුවල වර්ණ ඔබට කැමැති පරිදි වෙනස් කරගත හැකියි. ඉන්පසු අංක 2 රූපයේ පරිදි පබළු 6 න් එක් පබළුවක් ක්‍රොස් කරගන්න. නැවතත් අංක 3 රූපයේ පරිදි එක් තංගුස් දෙකෙළවරටම පබළු 2 බැගින් දෙපැත්තට දමාගන්න. ඉන්පසු අංක 4 රූපයේ පරිදි නැවත පබළුවක් දමමින් තංගුස් පොටවල් මඟින් ක්‍රොස් කරගන්න. ඉන්පසු අංක 5 හා 6 රූපවල පෙන්වා ඇති පරිදි සෙරෙප්පු පටියේ දිගටම අවශ්‍යවන ප්‍රමාණයක් ඉහත කියාදුන් අයුරින් දිගටම ගොතාගෙන යන්න.

අවශ්‍ය දිග ප්‍රමාණය ගොතාගත් පසු අංක 7 රූපයේ පරිදි එක් තංගුස් කෙළවරකට පබළු 4 ක් සහ අනෙක් තංගුස් කෙළවරට පබළු 1 ක් යොදා ගන්න. ඉන්පසු අංක 8 රූපයේ පරිදි පබළු 1 ක් දැමූ තංගුස් පොටෙන් පබළු 4 ක් දැමූ තංගුස් පොටෙහි ඇති එක් පබළුවක් පමණක් ක්‍රොස් කරගන්න. (පබළු රටාව ඍ අකුරේ හැඩයට නැමෙන ස්ථානය) ඉන්පසු අංක 9 රූපයේ පරිදි නැවත තංගුස් දෙකෙළවරට පබළු 2 බැගින් දමාගන්න. නැවත අංක 10 රූපයේ පරිදි තංගුස් පොටට පබළුවක් දමාගනිමින් ක්‍රොස් කරගන්න.

2019/03/20 තරුණි පුවත්පත බලන්න.