වර්ණවත් මලින් පිරි බඳුන් ගෙනෙන ලස්සන

අප්‍රේල් 10, 2019

අලුත් අවුරුදු කෑම මේසය ලස්සන මල් බඳුනකින් සරසමු. මෙවැනි මල් බඳුනක් හරිම පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්.

 

රෝස මල්

අවශ්‍ය ද්‍රව්‍ය

ප්ලාස්ටික් පොට් එකක්

වර්ණ ෆෝම් ෂීට් ඩයිකට්ස්

කම්බි, ගෝනිරෙදි, පබළු

රිබන් කොටසක්

ග්ලූ ගන් එකක්

ගම්ටේප්

කතුරක්

 

නිර්මාණය කිරීම

පළමුව ප්ලාස්ටික් පොට් එක ගෙන එහි වටේට ගෝනි රෙදි කොටසක් ග්ලූ ගන් එක ආධාරයෙන් අලවා ගන්න. එහි වටේට ඔබට කැමැති ආකාරයකින් පබළු අලවා ගන්න. පසුව රතු පැහැති ෆෝම් ෂීට් මඟින් ඩයිකට්ස් තබා කපාගත් ලොකු මල් පෙත්තක් සහ ඊට තරමක් කුඩා මල් පෙත්ත තබා ගම් දමා අලවා ගන්න. එහි මැදට පබළුවක්ද අලවා කම්බි කොටසකට සවි කරන්න. මේ සඳහා මෙවැනි මල් කිපයක් අවශ්‍ය වේ

ඉන්පසුව ඩයිකට්ස් ආධාරයෙන් රෝසමල් කපා එය ද කම්බිවලට සවි කරගන්න. මේ ආකාරයට කොළ ඉති ද කපා ගන්න. එම කොළ ඉති රෝස මල් සහිත කම්බිවලට සවිකරන්න. පසුව මෙම මල් පොකුරක් ආකාරයට තබා ගම්ටේප් අලවා ගන්න. පොට් එකේ හරිමැදට රෝස පොකුර සවිකර ගන්න. පසුව පෙනෙන පරිදි කලින් සාදාගත් මල් ටික ද සවිකර ගන්න. කොළද සවිකරන්න. දැන් එහි මැදට රිබන් බෝ එකක් සාදා අලවා ගන්න.

 

2019/04/10 තරුණි බලන්න