රෝසමල් ඉත්තක් මසමු

අප්‍රේල් 17, 2019

බිත්ති සැරසිල්ලට කැලෑ රෝස මල් ගෙනෙන හැඩ හරිම අපූරුයි නේද? නෙක පැහැ රිබන්වලින් මල් ඉත්තට ජීවය ලැබිලා හරිම ලස්සනයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

වර්ණ කීපයකින්

ඟල පළල රිබන්

අඟල් 1/2 කොළ

පැහැති රිබන්

කැරැලි නූල්

ටැපැස්ට්‍රි ඉඳිකටුවක්

රාමුවක්

කාබන් කොළයක්

 

නිර්මාණය කිරීම

පළමුව මෙම නිර්මාණයේ දළ සටහනක් කාබන් කොළය ආධාරයෙන් රෙද්ද මත පිටපත් කරගන්න. ඉන්පසු ටැපැස්ට්‍රි ඉඳිකටුවට රතු පැහැති රිබන් කොටසක් දමා මල් මසා ගන්න. එහිදී රූප සටහනේ මල ඇඳගත් තැනින් ඉඳිකටුව උඩට ගෙන අවශ්‍ය දුරකින් තරමක් බුරුලට මැහුම් ගසාගෙන මල් පෙති මසා ගන්න. එවැනි පෙති 6 ක් මසා මල නිර්මාණය කර ගන්න. මල් මැද කහ කැරැලි නූල් තනි පොට භාවිත කරමින් ලූප් මැහුම් කීපය්ක දමාගන්න. මල්වල නටු ඇඹරුණු රිබන් මැස්මෙන් මසා ගන්න. කොළ තරමක් බුරුලට රිබන් මැස්ම යොදා ගනිමින් මසාගන්න. මල් පොහොට්ටු සඳහා ද මැදට පුළුන් ස්වල්පයක් දමා කෙළින් මැහුම් කීපයක් දමා ගන්න. මල්වල මනිපත්‍ර ඇඹරුණු කෙළින් මැස්මෙන් මසාගන්න.