බිත්තිය හැඩකරන්න අපූර්ව සැරසිල්ලක්

මැයි 1, 2019

පොඩි තාරා පැටවු, කුකුළු පැටවු, ලේන් පැටවු, පුංචි පුංචි මල්, කොළ, පාවෙන වලාකුළු මේ තමයි සුරතල් පැංචෝ, පැංචියන්ගේ ලෝකය. ඒ විචිත්‍රවත් ලෝකයේ සුන්දරත්වය හරි අපූරුවට නැඟූ නිර්මාණයක් තමයි මේ.

පුංචි පුතුගේ හෝ දියණියගේ කාමරය සරසන්න මෙවැනි බිතු කැටයමක් ඔබේ දෑතින් නිර්මාණය කළහොත් එහි වටිනාකම කියා නිම කළ නොහැකි වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

තාරා පැටවුන් සහිත වර්ණ පින්තූරයක්

බොක්ස් බෝඩ් එකක්

ඒ4 වර්ණ කඩදාසි

බයින්ඩර් ගම්

පෙති පහේ මල සහිත පන්චර් කටර් එකක්

ගම්ටේප් ඔතන ලද කම්බි

පේපර් ටූල් මෝල්ඩ් එකක්

පේපර් ෂෙඩර් මැෂිමක්

 

සාදාගන්නා ආකාරය

අප මිලදීගත් පින්තූරයට වඩා අඟල් 2ක ප්‍රමාණයක් පිටතට සිටින සේ බොක්ස් බෝඩය කපාගන්න. එම රූපය බොක්ස් බෝඩයේ අලවාගන්න.

මෙහි දැක්වෙන නෙළුම්මල් සකසා ගැනීම සඳහා අඟල් 1/2 විෂ්කම්භය සහිත තද රෝස පැහැ ඒ4 කඩදාසියකින් වෘත්ත 03 ක් කපාගන්න.

එම වර්ණයෙන්ම අඟල් 1 1/2 විෂ්කම්භය සහිත වෘත්ත 03 ක් ද කපාගන්න. දැන් එම වෘත්ත අටකට නමා පෙති හැඩ කපාගන්න.

2019/05/01 තරුණි බලන්න.