සම්බුදු තෙමඟුල සමරන්න වෙසක් පත්

මැයි 1, 2019

බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදුවූ වෙසක් මාසය උදාවුණා. ඉතිං බෞද්ධයන් වූ ඔබට ගිය මාසය වගේම මේ මාසයත් හරිම සුවිශේෂියි.

 

ලස්සන වෙසක් සැරසිලිවලින් නිවෙස අලංකාර කරන්න ඔබ මේ වනවිටත් ලකලෑස්ති වෙනවා ඇති. ඒ වගේම තමයි ඔබේ ළඟම සිටින ඥාති, මිත්‍රාදීන් වෙනුවෙන් වෙසක් කාඩ්පත් තිළිණ කරන්නටත් ඔබ සූදානමින් ඇති. ඉතිං ඒ සඳහා වෙළෙඳපොළේ ඇති කාඩ්පත් මිලට ගෙන තිළිණ කරනවාට වඩා ඔබේ අතින් නිර්මාණය කළ කාඩ්පතක් තිළිණ කරන්නට ඇත්නම් ඒක වටිනවා නේද? බලන්න, අප මේ ලබාදෙන වෙසක් කාඩ්පත් ඔබේ අතිනුත් නිර්මාණය කළ හැකිද කියා.

චෛත්‍ය සහිත කාඩ් පත

අවශ්‍ය ද්‍රව්‍ය

ළා නිල් පැහැති ඒ4 බෝඩ් එකක්

සුදු සහ වර්ණ ඒ4 කොළ

ඩයිකට්ස් - පබළු, ගම්, කතුරක්

ධර්ම චක්‍රය

වෙළෙඳපොළෙන් ගත් බෝ කොළ

නිර්මාණය කිරීම

පළමුවෙන් ළා නිල් බෝඩ් එක දෙකට නමා ගන්න. පසුව චෛත්‍ය සුදු ඒ4 කොළයක ඇඳ කපා ගන්න. එසේම බෞද්ධ කොඩියේ පාටවලින් අඟල් 1/2 පළලට පටි කපා ගන්න. ඉන්පසු නමාගත් කාඩ්එක මත ගම් ආධාරයෙන් බෞද්ධ කොඩියේ දෙවනුව කපාගත් චෛත්‍යයද අලවන්න. එයට උඩින් ධර්ම චක්‍රයක් චෛත්‍යයට කොටසින් ඩයිකට්ස් මල් කීපයකුත් අලවා ගන්න. ‘සුබ වෙසඟක්’ ප්‍රින්ට්කර හෝ පෑනකින් ලියාගත හැකියි.

බෞද්ධ කොඩිය සහිත කාඩ් පත

අවශ්‍ය ද්‍රව්‍ය

අළු වර්ණ ඒ4 බෝඩ් එකක්

වර්ණ ඒ4 කොළ

ගම්, කතුරක්

කොළ වර්ණ ග්ලිටර්

 

 

2019/05/01 තරුණි බලන්න.