සොඳුරු දසුනක් ගෙනෙන විස්මය

මැයි 8, 2019

සොබාදහම මොනතරම් විස්මයජනක ද? මේ අලංකාර දසුන කියන්නේ එයයි. මල්, කොළ පිරි ගහ කොළ අතර කිචි බිචි ගාන කුරුලු පැංචන්, මල් පැණි බොන කුරුල්ලන්, මී මැස්සන්, පියාසලන බත්කූරන් ගෙනෙන ආකර්ෂණයක තරම බලන්න.

අවශ්‍ය දේවල්

ළා පැහැති ලිනන් රෙදි

අඟල් 1 පළල ළා රතු රිබන්

අඟල් භාගය පළල ළා රෝස,

ළා කහ රිබන්

තද කහ පාට, කොළ පාට

බෙබි රිබන්

දම් පාට, කොළ පාට, නිල් පාට

මිලිමීටර් 2 පළල රිබන්

කොළ පාට, කළු පාට, කහ

පාට නූල්

කහ, කළු, රෝස, කොළ පාට

රෙදි පින්තාරු තීන්ත

රාමුව, පින්සල්

නොම්බර 20 ටැපැස්ටි‍්‍ර ඉඳිකටු

ඩ්‍රෙස් මේකිං කාබන් කොළ,

පැන්සල

 

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ඡායාපිටපතක් ලබාගෙන දළ සටහනක් සකසාගන්න. එය ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් ආධාරයෙන් රෙද්ද මත පිටපත් කරගන්න. පසුබිම කොළ පාට රෙදි පින්තාරු තීන්ත භාවිතකර වර්ණ ගන්වා ගන්න. එය වියැළුණු පසුව මල් මසන්න. රතු පාට ලොකු පොපි මල් පෙති ළා රතු අඟල් 1 පළල රිබන් භාවිත කර ලූ‍ප් මැස්මෙන් මසන්න. රතු පාට සැටින් රෙද්දකින් විශ්කම්භය සෙන්ටිමීටර් 2.5 ක් වන පරිදි වෘත්තයක් අඳීන්න. එය වටා නූල් දුවවා අඟල් භාගයක් පමණ ඉඩ තබා රෙද්ද කපා රවුම මතට පුලු‍න් තබා නූල අදින්න. එය මලේ මැදට තබා මහන්න. එය වටේට කළු‍ පාට කැරැලි නූල් 6 පොටම ගෙන ප්‍රංශ ගැට මහන්න.

 

 

2019/05/08 තරුණි බලන්න