බොත්තම්වලින් හැඩැති කරාබු යුගලක්

මැයි 15, 2019

නිර්මාණශීලී සිතකට කළ හැකි දේ බොහෝය. මේ ලස්සන කරාබු යුගලත් එවැනි නිර්මාණශීලී සිතකින් ජීවය ලද ඒවාය. නෙක වර්ණවලින් හැඩට වැඩට අඳීන පලඳීන තරුණියන් ට තමන්ගේ ඇඳුමට ගැළපෙන්නට මේ වගේ ලස්සන කරාබු ජෝඩුවක් පහසුවෙන් ම සකසා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ණ හතරකින් සමාන ප්‍රමාණයේ බොත්තම් 8 ක්

ජම්ප් රිංග්ස් 2 ක් (මෙහි දැක්වෙන කුඩා රවුම්)

ඉයර් වයර්ස් හෙවත් හූක්ස් 2 ක්

අයි පින්ස් 8 ක්

අඬුව සාදමු

 

ඔබට කැමැති වර්ණවලින් බොත්තම් තෝරාගන්න. මෙහි සඳහන් අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ළංකර ගන්න. අංක 1 රූපය බලන්න.

සියලුම අයි පින්ස් ළංකර ගන්න. දැන් අඬුව ගෙන ඒවායේ ඉහළ කෙළවරින් ටිකක් රවුමට නමාගන්න.

 

 

2019/05/15 තරුණි බලන්න