පොඩිත්තන්ට තාරා පැංචෙක්

මැයි 22, 2019

තාරා පැටවුන්ට ආදරේ කරන පොඩිත්තන්ටයි මේ කහ පාට තාරා පැංචා. දීප්තිමත් කහ පාටින් ඉන්න නිසා පොඩිත්තෝ බොහොම කැමැති වේවි.

කුඩා වයසේ දරුවන්ට ගැළපෙන මෙවැනි නිර්මාණ සඳහා හොඳ වෙළෙඳපොළක් ද තියෙන නිසා සැහැල්ලු සෙල්ලම් බඩු නිර්මාණය කරන අයට කදිම තෝරාගැනීමකි.

අවශ්‍ය දේවල්

කහ පාට ෆ්ලීස් හෝ

ෆෙල්ට් රෙදි

සුදු පාට හා තැඹිලි පාට ෆ්ලීස් හෝ ෆෙල්ට් රෙදි මිලිමීටර් 12 ප්ලාස්ටික් කළු ඇස් දෙකක්

කළු නූල් හා අවශ්‍ය වර්ණවල අනෙකුත් නූල්

පැඩිං, ඉඳීකටු

පතරොම් සෑදීමට කාඩ්බෝඩ්

 

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය ඉහත සඳහන් රෙදිවලට අමතරව ඔබට කැමැති වෙනත් රෙදි වර්ගයකින් වුවද මසාගත හැකියි.

පළමුව දී ඇති පතරොම් අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගන්න. ඒවා කාඩ්බෝඩ්වල ඇඳ පතරොම් සකසා ගන්න. එම පතරොම්වල ඇති සිරුර සඳහා සැකසූ රවුමෙන් කහ පාට කොටසක් හා සුදු පාට කොටසක් කපාගන්න. හිස සඳහා ඇති පතරොමෙන් කහ පාටින් රවුම් දෙකක් කපාගන්න. වලිගය සඳහා ඇති පතරොමෙන් රෙදි කොටස් දෙකක් හා පියාපත් සඳහා ඇති පතරොමෙන් කොටස් හතරක් කපාගන්න. ඇඟ කොටස සඳහා ගත් කහ රවුම සහ සුදු රවුම පැඩිං පිරවීමට හා පියාපත් ඇල්ලීමට ඉඩ තබා වටේ මසාගන්න. එයට පැඩිං පුරවා ගන්න.

 

2019/05/22 තරුණි බලන්න