උපන් දින සුබ පැතුමට රෝස මලක්

ජුනි 12, 2019

ඔබේ ළඟම යෙහෙළියගේ උපන්දිනය ළඟ ළඟම එනවා නම් මේ සුබ පැතුම ඔබේම අතින් සකසා දෙන්න. සුන්දර රෝස මලකින් හැඩවුණු අලංකාර උපන්දින සුබ පැතුම් පත ඇයට අගනා සිහිවටනයක් වේවි. අපි පර්ගමානෝ කලාවෙන් මෙය නිර්මාණය කරගන්නා ආකාරය බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

160 GSM ටේ‍්‍රසිං කඩදාසියක්

4 නීඩල් එක - ඉබරතභඵ ටූල් එක

ඔයිල් පැස්ටල්

මිලිමීටර් 3.5 එම්බෝසිං ටූල් එක

වයිට් ජෙල් පෙන් එක - එම්බෝසිං පෑඩ් එක

ෆෝමැටිං ටූල් එක- පර්ගමානෝ කතුර

බේබි ඔයිල් හෝ eucalyptus තෙල්

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම ටේ‍්‍රසිං කඩදාසිය ප්‍රමාණයට කපාගෙන වයිට් ජෙල් එක ආධාරයෙන් මෝස්තරය පිටපත් කරගන්න. ඉන්පසු 4 නීඩල් ටූල් එක ආධාරයෙන් ෆෝමැටිං පෑඩ් එක මෝස්තරයේ යටට තබා රූපයේ දැක්වෙන ස්ථාන සිදුරු කරගන්න.

 

උපදෙස්

පර්ගමානෝ කලාව සම්බන්ධ ලංකාවේ බලයලත් ප්‍රවීණ උපදේශිකා

පූර්ණා කුලරත්න

 

2019/06/12 තරුණි පුවත් පත බලන්න