මිස් ඩියෝර් මල් ඉත්තක හැඩ

ජුනි 19, 2019

වයිට් වර්ක් කී විට නිසැකවම අපට සිහිවන්නේ සුදු පැහැති නිර්මාණයන්ය. නමුත් අප හඳුන්වා දුන් මෙම කලාව වර්ණ අවශ්‍ය ලෙස භාවිතයට ගනිමින් කළ සුන්දර කලාවකි. මේ දක්වා අපි අවශ්‍ය මැහුම් රටා හඳුනාගත්තෙමු.

අද ඉතාමත් සරල මල් ඉත්තක් වයිට් වර්ක් කලාවෙන් ජීවය ලබන අයුරු ගෙන එනවා. මේ සඳහා භාවිතකර ඇත්තේ වර්ණ තුනක් පමණයි. එහෙත් ඔබට කැමැති ලෙස වයර්ණ වෙනස් කරගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

නොම්බර 10 ඉඳීකටුවක්

රාමුව

කතුර

මෝස්තරය පිටපත් කරගැනීමට අවශ්‍ය දේවල්

කළු, අළු, සුදු වර්ණවල කපු කැරැලි නූල්

 

නිර්මාණය කිරීම

පළමුව දී ඇති මල් ඉත්ත අවශ්‍ය පමණ විශාලකර රෙදි කොටසට පිටපත් කරගන්න. දැන් රාමුවට දමා තද කර මැසීම අරඹන්න.

අංක 1 න් දැක්වෙන නටු ඕවර් කාස්ට් මැස්මෙන් සුදු පාටින් මසා ගන්න. එහි පැත්තකින් කළු පාටින් ස්ප්ලිට් මැස්මෙන් මසන්න.

අංක 2ච, 2ඡ, 2ජ වලින් දැක්වෙන පහළ ඇති පෙති හැඩැති කොටස් පෑඩඩ් සැටින් මැස්මෙන් පුරවන්න.

එහිදී උඩම පෙත්ත එනම් 2ච සුදු පැහැයෙන් ද 2ඡ අළු පැහැයෙන් 2ජ ද කළු පැහැයෙන් ද පුරවා එම පෙති වටේ ස්ප්ලිට් මැස්මෙන් කළු පැහැයෙන් අවුට් ලයින් කරන්න. අළු පැහැයෙන් පුරවා ගත් පෙත්ත උඩින් කළු පැහැයෙන් කෙළින් මැහුම් කිහිපයක් මෙහි දැක්වෙන ලෙස යොදන්න.

අංක 3 න් දැක්වෙන ඇලයට නැමුණු මල් පොහොට්ටුව කොටස පුරවන ආකාරය දැන් බලමු. එහි ච වලින් දැක්වෙන කොටස් පෑඩඩ් සැටින් මැස්මෙන් පුරවන්න. ඥ, ඤ, ජ වලින් දැක්වෙන කොටස් ද පෑඩඩ් සැටින් මැස්මෙන් පුරවන්න. ජ හා ඤ වලින් දැක්වෙන කොටස් දෙක පෑඩඩ් සැටින් මැස්මෙන් පුරවා එහි උඩින් කෙළින් මැහුම් කිහිපයක් මෙහි දැක්වෙන ලෙස යොදන්න.

ඡ වලින් දැක්වෙන කොටස සුදු පැහැයෙන් ඩොට් ස්ටිච් එකෙන් මසන්න. එම පොහොට්ටුවේ කොටස් වටේ ස්ප්ලට් මැස්මෙන් අවුට් ලයින් කරන්න.

දැන් අපි අංක 4 න් දැක්වෙන අනෙක් පස ඇති පොහොට්ටුව මසන ආකාරය බලමු.

 

2019/06/19 තරුණි බලන්න