වලාකුළයි වැහි බිඳුවයි හරි ලස්සන කොට්ට පෙළයි

සැප්තැම්බර් 18, 2019

මල් වගේ ඉන්න දරුවෝ ගෙදරටම සිරියාවයි. ඒ හින්දා පුංචි හිත් සතුටට පත්කරන්න එයාලා ආදරේ කරන දෙයක් අම්මගේ අතින් හදලා දෙන්න ඇත්නම් හොඳයි නේද? මෙන්න, ඒ සඳහා අනගි නිමැවුම් පෙළක්. පුංචි දරුවෝ ආසා කරන විදිහට කුෂන් කිහිපයක් සදා දුන්නොත් හොඳයි නේ. මේවා කොට්ට ලෙසත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම කොට් එකක වටේට තියන්නත් පුළුවන්. වැහි බිංදු, වලාකුළු ආදී හැඩයන්ට සැකසූ මේ කොට්ට හරිම හැඩකාරයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති වර්ණවල තනි පැහැති හෝ මුද්‍රිත රෙදි

පැඩිං හෝ පුළුන්

ගැළපෙන වර්ණ නූල්

අවශ්‍ය අනෙකුත් දේවල්

නිර්මාණය කිරීම

 

පළමුව මෙම නිර්මාණ සඳහා පතරොම් සකස්කර ගත යුතුයි. වලාකුළු, වැහි බිංදුව හැඩයන්ට අප ඔබට දළ සටහන් ලබා දී තිබේ. ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඒවා විශාලකර පතරොම් සකසා ගන්න. දැන් කපාගත් පතරොම් තබා අවශ්‍ය වර්ණයකින් රෙදි කොටස් දෙකක් බැගින් කපාගන්න. වැහි බිංදුවේ අත් දෙකක් ද තිබෙන අතර එම අත හැඩයට පතරොමක් සකසා එමඟින් රෙදි කොටස් හතරක් කපාගන්න. එම රෙදි කොටස් දෙක දෙක ගෙන එක් පැත්තකින් (අල්ලන පැත්තෙන්) ඉඩ තබා කණපිටින් අල්ලා පුළුන් පුරවා ගන්න. එලෙස අත් දෙක සකසා ගන්න. වැහි බිංදුවේ හොඳ පිට කොටසක් ගෙන එහි ඇස් ලකුණු කරගන්න. එම ඇස් කළු නූල් භාවිතකර නැටි මැස්මෙන් මසාගන්න. දැන් වැහි බිංදුවේ කොටස් දෙකට අත් දෙක තබා අල්පෙනෙති ගසාගන්න.

 

2019/09/18 තරුණි බලන්න