නිවෙස එළිය කරන TEA ROSE මල්

සැප්තැම්බර් 25, 2019

තමන් දිවි ගෙවන නිවහන සොඳුරු ස්ථානයක් නම් සිතට දැනෙන්නේ සතුටකි. සැනසුමකි. නිවහන එලෙස සොඳුරු කරගන්න වැඩි වගකීමක් තියෙන්නේ අම්මටයි දුවටයි.

මේ තියෙන්නෙත් නිවෙසට සුන්දරත්වයක් කැඳවා ගෙන යා හැකි අපූරු රෝස මල් පොකුරකි. ෆෙල්ට් රෙදිවලින් නිමවා තිබෙන මේ ලස්සන ඊඥච අධඵඥ මල් පොකුර අම්මටයි දුවටයි එකතු වෙලා හරි ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්

 

අවශ්‍ය ද්‍රව්‍ය

පීච්, ළා කහ, පාසි කොළ පැහැති ෆෙල්ට් රෙදි

ගෙජ් 18 හා ගෙජ් 24 කම්බි

ළා කොළ පාට ගම් ටේප් (ෆ්ලෝරල් ටේප්)

වයර් කටර් එක

හොට් ග්ලූ ගන්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

ළා කොළ වර්ණ පාට පැන්සලක්

 

නිර්මාණය කිරීම

පළමුව අවශ්‍ය දේවල් ළංකරගන්න. අප මෙම පතරොම් සහිත දළ සටහන් ලබා දී ඇති නියමිත ප්‍රමාණයටයි. දැන් එම දළ සටහන් භාවිත කරගෙන පතරොම් සකසා ගන්න. ඔබ කැමැති නම් මේවායේ ප්‍රමාණය තව ටිකක් විශාල කරගත හැකියි.

එක් මලක් සඳහා එක් පෙත්තකින් කපාගත යුතු පෙති ගණන පෙත්ත මත දක්වා ඇත. ඒ අනුව ලොකුම පෙත්තෙන් පෙති හතරක් ද අනෙක් පෙති හතරෙන්ම පෙති දෙක බැගින් ද කපාගන්න. මනිපත්‍ර එකක් හා කොළ තුනක් ද කපාගන්න.

මල් පොහොට්ටුවක් සඳහා දී ඇති පෙති ප්‍රමාණ තුනෙන් ලොකු පෙත්තෙන් පෙති තුනක් ද අනෙක් පෙති දෙකෙන් පෙති දෙක බැගින් ද එක් මනිපත්‍රයක් ද කපාගන්න. අවශ්‍ය ද්‍රව්‍ය අංක 1 රූපයෙන් ද කපාගත් පෙති, කොළ හා නටුව අංක 2 රූපයෙන් ද දැක්වේ.

 

 

 

2019/09/25 තරුණි බලන්න