වර්ණවත් 'රිවර්සබල්' බෑගයක හැඩ

ඔක්තෝබර් 2, 2019

අමතර පන්ති යන දෝණිට, සිඟිත්තන් සමඟ යන අම්මාට වගේම කාර්යාලයට යන කාන්තාවන්ට අමතර බෑගයක් ලෙස රැගෙන යා හැකි අලංකාර බෑගයකි. මේ බෑගයේ විශේෂත්වය වන්නේ බෑගයේ දෙපසම හොඳ පිට ලෙස කැමැති පැත්තකට හරවා ගෙන යා හැකි වීමයි.

එනිසා මෙය රිවර්සබල්(  Reversable bag) බෑගයකි. ඝනකම් වර්ණවත් රෙදි වර්ගයකින් අවශ්‍ය ලෙස රෙදි තෝරාගෙන ඔබත් මේ බෑගය නිර්මාණය කරගන්න.

අවශ්‍ය දේවල්

ඝනකම් රෙදි වර්ගයකින් ගැළපෙන වර්ණ හතරක රෙදි

රෙදිවලට ගැළපෙන වර්ණ නූල්

අඩි රූල

කතුර

නිර්මාණය කිරීම

අපි පළමුව බෑගය මැසීමට රෙදි කපාගනිමු.

මෙම බෑගය සඳහා තද රෝස, සුදු, මෙරූන් සහ තැඹිලි වර්ණ රෙදි තෝරාගෙන ඇත.

මෙහි සුදු රෙදි වෙනුවට අමු රෙදි තෝරාගත හැකියි. තද රෝස වර්ණයෙන් අඟල් 12×18 කොටස් දෙකක් කපාගන්න. සුදු වර්ණයෙන් ද අඟල් 12×18 කොටස් දෙකක් කපාගන්න. ඒ බෑග් දෙකේ දෙපැත්ත සඳහායි.

බෑග් දෙකේ අඩි දෙක සඳහා මෙරූන් වර්ණයෙන් හා තැඹිලි වර්ණයෙන් අඟල් 6×18 කොටස් දෙක බැගින් කපාගන්න. හැන්ඩල් සඳහා සුදු හා තැඹිලි වර්ණයෙන් අඟල් 2½×25 කොටස් දෙක බැගින් කපාගන්න.

අංක 1 රූපයේ එලෙස කපාගත් රෙදි කොටස් දැක්වේ.

අපි පළමුව හැඬල්

මසන ආකාරය බලමු.

පළමුව හැඬල් පටිවල දෙපැත්තෙන් අඟල් කාලක් පිටතට මැහුම් වාසි තබා මැෂිමේ මැහුම් පාරවල් ගසා ගන්න. පසුව එම මැහුම්පාරවලින් රෙදි කොටස් ඇතුළට නමා අයන් කරගන්න.

දැන් සුදු පාට පටිය හා තැඹිලි පාට පටිය මැහුම් වාසි ඇතුළට තබමින් වටේටම මසාගන්න.

අංක 2, 3, 4 හා 5 රූපවලින් එලෙස හැඬල් මසන ආකාරය පැහැදිලි වේ.

දැන් 6, 7, 8 හා 9 රූප අනුව බෑගයේ දෙපස රෙදි කොටස්වලට අඩියට කැපූ රෙදි කොටස් අල්ලා ගන්න. මෙහිදී සුදු පාට කොටස් දෙකට තැඹිලි පාට රෙදි කොටස් දෙක ද රෝස පාට රෙදි කොටස් දෙකට මෙරූන් පාට රෙදි කොටස් දෙක ද අල්ලා ගන්න.

 

2019/10/02 තරුණි බලන්න