ඇන්තූරියම් මල් ගෙනෙන ආකර්ෂණය

ඔක්තෝබර් 9, 2019

කඩදාසි මල් කලාව ඔබට ආගන්තුක නැත. ඒ තරුණී වෙතින් විවිධ මල් සකසන ආකාරය හැමදාමත් පහදා දෙන හෙයිනි. අද ඔබ වෙත ගෙන එන්නේ ආඩම්බරකාර ඇන්තූරියම් මල් සකසන ආකාරයයි. මෙම මල් ඉතාමත් ලස්සනට සකසා ගත හැකි නිසා නිවෙස සරසන්නට වාගේම විකිණීම සඳහාත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඩු උෂ්ණත්ව හොට් ග්ලූ ගන් (Hot glue gun)

කතුරු, පින්සල්

ස්පොන්ජ් (sponge)

කොළ පාට ඩබල් සයිඩඩ් කේ‍‍්‍රප් පේපර් (double sided crepe paper)

කාඩ්ස්ටොක් පේපර් (cardstock paper)

ලයිට් යෙලෝ ගී‍්‍රන් (light yellow green), පර්ල්එසන්ට් ඔරේන්ජ්(pearlescent orange), රතු ආදී වර්ණවල පෑන්පැස්ටල් (panpastel)
කොළ පාට ගේජ් 18 කම්බි

සුදු හා කොළ ෆ්ලෝරල් ටේප් (floral tape)

බයින්ඩර් ගම්

නිර්මණය කිරීම

පළමුව අවශ්‍ය දේවල් ළංකර ගන්න. අප ඔබට ඇන්තූරියම් මලේ පෙත්තට හා කොළය සඳහා කොටස් දෙකක් ලෙසට පතරොම් ලබා දී තිබේ. එම පතරොම් ඝනකම් කාඩ් කොටසක ඇඳ කපාගන්න. ඒවා භාවිතකර මල් පෙති හා කොළ අවශ්‍ය පමණ කපාගන්න.

මල් පෙති කාඩ් ස්ටොක් කොළවලින් ද කොළ කේ‍්‍්‍රප් කඩදාසිවලින් ද කපාගන්න. දැන් පින්සල්වලින් වර්ණ ගෙන මල් පෙති මත ගල්වා ස්පොන්ජ්වලින් හොඳීන් අතුල්ලා වර්ණ ෂේඩ් කරගන්න. මල් පෙතිවල වර්ණ ගැල්වීමේ දී මල් පෙති ස්පොන්ජ් මත තබාගත හැකියි. නැත්නම් ඩයරි කවරයක් මත තබා ගන්න. මල් පෙතිවල දෙපැත්තම වර්ණ ගන්වන්න.

 

2019/10/09 තරුණි බලන්න