ඇඳ ඇතිරිල්ලට ගෙනෙන අලංකාරය

ඔක්තෝබර් 30, 2019

පැච්වර්ක් කලාවේ නියළෙන ඔබ වෙනුවෙන් අද අපේ තිළිණය 'ඔහි ඕ ස්ටාර්' නිර්මණයකි. මෙය නයින් පැච් කලාවේ එක් නිර්මාණ රටාවකි.

කුෂන්, බෑග්, ඇඳ රෙදි, ටේබල් මැට්, ටේබල් රනර්, බිත්ති සැරසිලි ආදී විවිධ නිරමාණ සඳහා මෙම රටාව භාවිතයෙන් අපූර්ව නිර්මාණ කළ හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති වර්ණවලින් තනි පැහැති හෝ මුද්‍රිත රෙදි

පැඩිං

ලයිනිං සඳහා රෙදි

ගැළපෙන වර්ණ නූල්

ප‍‍්‍රස්ථාර කොළ

කතුර

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

 

නිර්මාණය කිරීම

පළමුව ඔබ කරන්නට යන නිර්මාණයේ ප‍‍්‍රමාණය තීරණය කළ යුතුයි. මෙම නිර්මාණය අඟල් 12×12 එකක් යැයි සිතන්න. රෙදි වර්ණ හතරකින් තෝරාගන්න. ඒවා උපයෝගී කරගෙන අඟල් 4½×4½ ප‍‍්‍රමාණයට කොටු කපාගන්න. ඒ අනුව සුදු කොටු හතරක් ද කහ පාට කොටු 1 ක් ද එම ප‍‍්‍රමාණයට කපාගන්න. එමෙන්ම සුදු පාටින් අඟල් 5½×5½ කොටු එකක් ද රෝස පාටින් අඟල් 5½× 5½ කොටු එකක් ද නිල් පාටින් අඟල් 5½×5½ කොටු දෙකක් ද කපාගන්න. කපාගත් කොටු අංක 2 රූපයෙන් දැක්වේ.

අඟල් 5½× 5½ කොටු දෙකක් ගෙන හොඳ පිට දෙක එකට සිටින සේ කණපිට දෙපැත්තට සිටින සේ (සුදු කොටුවක් හා නිල් කොටුවක් ද නිල් කොටුවක් හා රෝස පාට කොටුවක් ද) එකට තබන්න. දැන් අංක 3 රූපයේ දැක්වෙන ලෙස එම කොටු දෙක දෙකට වෙනම අල්පෙනෙති ගසා මැදින් කර්ණයෙන් ඉරක් ඇඳගන්න. අංක 4 රූපය බලන්න. දැන් එම ඉරේ සිට අඟල් කාලක් ඇතුළට වෙන්නට දෙපැත්තෙන්ම මැහුම් පාරවල් දමන්න. අංක 5 රූපය බලන්න. පසුව කර්ණයෙන් ඇඳගත් ඉරෙන් කපාගන්න. අංක 6 රූපය බලන්න. එම රූප හොඳීන් නිරීක්ෂණය කිරීමෙන් එය ඔබට පැහැදිලි වේවි. දැන් මැහුම් වාසි දෙපසට විහිදෙන ලෙස අයන් කරගන්න. අංක 7, 8 හා 9 රූප බලන්න.

දැන් පාට මාරුවන ලෙස කොටු දෙක බැගින් හොඳ පිට එකට ස්පර්ශ් වනසේ තබා අනෙක් කර්ණයෙන් ඉරක් අඳීන්න. ඉහත ක‍‍්‍රමයටම දෙපසින් මැහුම් ගසා මැදින් කර්ණයෙන් කපන්න. අංක 10, 11, 12, 13, 14, 15 රූප දෙස බැලීමෙන් මෙය පැහැදිලි වේවි. ඉන්පසු නිල් පැහැ කොටස් දෙකක් රෝස පාට එක කොටසක් හා සුදු පාට එක කොටසක් සහිත සමචතුරසයක් ඔබට දැකගත හැකි වේවි. එලෙස අනෙක් කොටු දෙක ද සකසා ගන්න.

2019/10/30 තරුණි බලන්න