අම්මටයි දෝණිටයි අත්කම් පෙළක්

නොවැම්බර් 13, 2019

මැහුම් කලාවේ නියැළෙන ආදරණීය අම්මා කෙනකුට වගේම දියණියට වඩාත් වැදගත් වන අත්කම් නිර්මාණ පෙළක් අද අප ඔබ වෙත ගෙන එනවා.

මැහුමට ගෙතුමට අවශ්‍යවන කතුර තැන තැන නොදමා තබාගන්න කතුරු රඳවනයක් වගේම නිතරම එහා මෙහා යන ඉඳිකටු රඳවාගන්න ඉඳිකටු රඳවනයක් අම්මා වෙනුවෙන් ගෙන එනවා.

ඒ වගේම තමන්ගේ ආදරණීය දියණියට පෑන්, පැන්සල් ටික දමන්න ලස්සනම ලස්සන පැන්සල් රඳවනයක් මහගන්නත් අද ඔබට කියලා දෙනවා.

මේ නිර්මාණ ඔබ වෙත තිළිණ කරන්නේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනම ලබන රුවංජනා දියණියයි.

බලන්න, ඔබටත් මේ නිර්මාණ මසාගන්න පුළුවන් නේද කියලා.

 

පැන්සල් රඳවනය

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

ලයිනිං රෙදි

පැඩිං

සිපරයක්

රේන්දයක්

වර්ණ කීපයකින් අඟල් 1/4 සහ

1/8 පළල රිබන්

කැරැලි නූල්

මසාගන්නා ආකාරය

ඒ සඳහා පළමුව ලිනන් රෙද්ද ගෙන එමඟින් අඟල් 12 ය 12 ප්‍රමාණයේ කොටසක් කපාගන්න. එහි ඉහළ කෙළවරින් අඟලක පමණ පළලට ඉහතින් තෝරාගත් වර්ණයට වඩා ළා වර්ණයකින් පටියක් මසාගන්න. එහි යට කොටස මූට්ටු කිරීමට පෙර රේන්ද පටිය අල්ලා ගතයුතුයි. ඉන්පසුව එම්බ්‍රොයිඩරි මෝස්තරය මසාගන්න. එහිදී ඔබ මල් මැසීම දකුණු පස සිට ආරම්භ කරන්නේ නම් මලේ නටුව අඟල් 1/4 ක් පළල රිබන් එකෙන් ඇඹරුණු රිබන් මැස්මෙන් මසා ගන්න. එහි මල් ක්‍රීම් පැහැති අඟල් 1/8 ක් පළල රිබන්වලින් රිබන් මැස්මෙන් මසන්න. මල් මැදට කහ පාට කැරැලි නූලෙන් ප්‍රංශ ගැට කීපයක් දමන්න.

ඉන්පසුව ඇති මල් ඉත්ත මැසීම සඳහා අඟල් 1/8 ක් පළල රිබන් භාවිතකර රිබන් මැස්මෙන් මහන්න. එහි කොළ එම රිබන්වලින්ම රිබන් මැස්මෙන් මහන්න. එහි ඇති දම් පැහැ මල් ඉත්ත මැසීමට අඟල් 1/8 ක් පළල දම් රිබන් භාවිතකර කොළ ලේසිඩේසි මැස්මෙනුත් මල ප්‍රංශ ගැටවලිනුත් මසාගන්න. එයට පසෙකින් ඇති අනෙක් මල් ඉත්ත මැසීම සඳහා අඟල් 1/4 ක් පළල රිබන් භාවිත කරන්න. එහි මල් සහ කොළ යන දෙකම මසා ඇත්තේ රිබන් මැස්මෙනි. නටු කවුච් ක්‍රමයට මසා ඇත. මේ ආකාරයට ඉතිරි මල් ටික ද මසා ගන්න.

පසුව ඉහතින් ලිනන් රෙද්ද කපාගත් ප්‍රමාණයටම පැඩිං සහ ලයිනිං කොටස බැඟින් ද කපා ගන්න. දැන් ඒඕඛ්ච් කොටසට ඛඪන එක තබා මසාගන්න. අවසානයේ ඡ්ජ් රේඛාවෙන් නමා දෙපස මසා ගන්න.

**************

 

කතුරු රඳවනය

ධ් සහ ධ්ධ් රූපසටහන්වල දැක්වෙන පරිදි මේ සඳහා දී ඇති ප්‍රමාණවලින් ලිනන් ලයිනිං හා පැඩිං කොටස් කපාගන්න.

ඉන්පසු එම කොටස්වලට අවශ්‍ය පරිදි මල් මසා ගන්න. ධ් කොටසින් කපාගත් පසුව ලිනන්, ලයිනිං සහ පැඩිං කොටස් එකට තබා වටේට මසා ගන්න. එයට උඩින් ධ්ධ් කොටසින් කපාගත් ලයිනිං හා පැඩිං ද තබා පයිපිං පටියක් ද තබා මසාගන්න.

**********

 

ඉඳි කටු රඳවනය

මේ සඳහා ද දී ඇති ප්‍රමාණ අනුව ලිනන්, පැඩිං සහ ලයිනිං කොටස් දෙක බැගින් කපාගන්න. ඉන්පසු ලිනන්වලින් කපාගත් එක් කොටසක් ගෙන එය කොටස් අටකට බෙදා එම එක් එක් කොටස් මත මල් මෝස්තරය මසාගත යුතුයි. එහි මල් රොක් රෝස් ක්‍රමයට මසා ඇති අතර ඒ සඳහා අඟල් 1/4 පළල රිබන් භාවිතකර ඇත. මෙම රොක් රෝස් මල් මසා ඇත්තේ ලූප් එකක් ආකාරයටය. ඒ මැදින් කහ කැරැලි නූලෙන් ප්‍රංශ ගැටයක් දමා තිබේ. එහි කොළ සඳහා රිබන් මැස්ම භාවිතකර ඇති අතර නැටි කැරැලි නූලෙන් නැටි මැස්මෙන් මසා ඇත. දැන් කපාගත් අනෙක් ලිනන්, පැඩිං සහ ලයිනිං කොටස ගෙන එය මල් මෝස්තරය මසාගත් කොටස උඩින් තබා එහි උඩින් රේන්දය ද තබා වටේට මසා ගන්න. මසා ගැනීමේ දී අඟල් දෙකක පමණ හිඩැසක් තබා මසාගත යුතුයි.

පසුව එම සිදුරෙන් පුලුන් හෝ පැඩිං පුරවා හිඩැස මසාගන්න. දැන් කොට්ටයෙහි මැදින් ඉඳිකටුව ගෙන වෙන්කරගත් කොටස් උඩින් නූල් පොට තුනක් පමණ දමා හිර කරගන්න. ඒ ආකාරයට වටේටම හිරකරගෙන මැදින් සුදු පබළුවක් මසාගන්න.

ඡායා -  ශාන් රඹුක්වැල්ල

2019/11/13 තරුණි බලන්න