කුෂන් හැඩ කළ පොයින්සෙටියා මල්

නොවැම්බර් 20, 2019

සිහිල් සුළං ඇඟ දවටමින් හිමින් සැරේ නත්තලත් ළං වෙනබව පරිසරය කොඳුරනවා.

මේ නිසාම නිවෙසේ අලංකාරය ගැන හිතන ගෘහණිය නත්තල වෙනුවෙන් නිවෙස හැඩ කරන්න සූදානම්.

එහෙම නම් පුටු සෙටි, ඩිවාන්, ඇඳ, කවිච්චි ආදියට සුන්දරත්වයක් ගෙන එන්න අලංකාර කුෂන් මඟින් ලැබෙන්නේ කදිම එළියක්. ඒනිසාම අප ඔබට පොයින්සෙටියා මල් ඇප්ලික් කළ කුෂන් නිර්මාණ මෙලෙස තිළිණ කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන්, සැටින් රෙදි හෝ

වෙනත් ඔබ කැමැති

රෙදි වර්ගයක්

පොයින්සෙටියා මල

නිර්මාණය සඳහා

ෆෙල්ට් හෝ වෙනත්

වර්ගයක රතු, සුදු,

රන්වන් පැහැති රෙදි

ගැළපෙන වර්ණ නූල්

 

නිර්මාණය කිරීම

පළමුව කුෂන් කවරයේ ප‍‍්‍රමාණය තීරණය කරන්න. එනම් අඟල් 16×16, 18×18 හෝ ඔබට අවශ්‍ය ප‍‍්‍රමාණයක් තීරණය කර රෙදි කොටස් කපාගන්න. කුෂන් කවරය අඟල් 16×16 නම් ඉදිරි පළුව සඳහා අඟල් 16½×16½ ප‍‍්‍රමාණයේ කොටසක් කපගන්න. පිටුපස සඳහා අඟල් 16½×8½ ප්‍රමාණයේ කොටස් දෙකක් කපාගන්න. මතුපිටට කපාගත් කොටසේ පොයින්සෙටියා මල අල්ලාගන්න.

2019/11/20 තරුණි බලන්න