වර්ණවත් ඩේලියා කුසුමක රැඳුණු ආකර්ෂණය

නොවැම්බර් 20, 2019

සුන්දරත්වයෙන් අනූන ඩේලියා මලක ඇත්තේ අපූර්ව ලස්සනකි. සීතල පළාත්වල සරුවට වැඩෙන මෙම මලට කඩදාසියෙන් ජීවය ලැබී ඇති අයුරු හරිම අපූරුයි නේද? කඩදාසි මල් කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන් අප ඩේලියා කුසුම සකසන ආකාරය මෙසේ පහදා දෙනවා.

උපනදින උත්සව, විවිධ ප‍‍්‍රිය සාද, මංගල උත්සව මෙන්ම තමන් ජීවත්වෙන නිවෙස අලංකාර කරගන්නත් කඩදාසි මල් කලාව භාවිත කළ හැකියි. මංගල පෝරු, සෙටි බැක් වගේම නිවෙසක බිත්ති, ජනේල් රාමු ආදියත් වර්ණවත් කඩදාසි මල් අලවා අලංකාර කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

පතරොම් සෑදීමට බෝඩ්

හොට් ග්ලූ ගන්

කතුර

පැන්සල්, අඩි රූල

මල් සෑදීමට රෝස වර්ණ තුනක කඩදාසි

(තද පැහැයේ සිට ළා පැහැය දක්වා)

සුදු පාට කඩදාසි

කොළ සෑදීමට කොළ වර්ණ කඩදාසි

 

නිර්මාණය කිරීම

ඒ4 හෝ ඒ3 ප‍‍්‍රමාණවල වර්ණ කඩදාසි ඔබට පහසුවෙන් තෝරාගත හැකියි. දැන් පතරොම් සකසාගන්න. අප ඔබට මෝස්තරයට අදාළ පතරොම් ලබා දී ඇත. අංක 1 රූපය බලන්න. ඒ අනුව එක් මලක් සඳහා අඟල් 8 ක් විශ්කම්භය ඇති රවුමක් තද රෝස පාටින් කපාගන්න. ඒ මලේ අඩිය සඳහා ය. එම වර්ණයෙන්ම අඟල් 4.5 ප‍‍්‍රමාණයේ සමචතුරස‍‍්‍ර 25 ක් පමණ කපාගන්න. ඊට වඩා ළා පැහැ රෝස වර්ණයෙන් අඟල් 4.5 ප‍‍්‍රමාණයේ සමචතුරස‍‍්‍ර 15 ක් කපාගන්න. ඊටත් වඩා ළා රෝස වර්ණයෙන් අඟල් 4 ප‍‍්‍රමාණයේ සමචතුරස‍‍්‍ර 12 ක් කපාගන්න. සුදු පැහැයෙන් හෝ සුදු වර්ණයට ඉතා සමීප රෝස වර්ණයෙන් අඟල් 4 ප‍‍්‍රමාණයේ සමචතුරස‍‍්‍ර 8 ක් කපාගන්න. අංක 2 රූපයෙන් කපාගත් කඩදාසි කොටස් දැක්වේ.

 

2019/11/20 තරුණි බලන්න