නත්තලට සුබ පතන්න අගනා පැතුම් පත්

නොවැම්බර් 27, 2019

නත්තල බැතියෙන් සමරන්න හිතන ඔබ නත්තල් සුබපැතුම් යවන්නත් අමතක කරන්නේ නැහැ නේද?. ඒ සඳහා අවශ්‍ය සුබපැතුම් පත් කඩෙන් මිලදී නොගෙන ඔබේම අතින් නිර්මාණය කරගන්නට හැකි නම් එහි වටිනාකමත් වැඩියි. අපට විවිධ ක්‍රමයට සුබපැතුම් පත් නිර්මාණය කරගන්නත් පුළුවන්. අද අප ගෙන එන්නේ පර්ගමානෝ කලාවෙන් ලස්සන සුබපැතුම් පත් කිහිපයක් සකසාගන්නා ආකාරයයි.

සුබපැතුමට

නත්තල් ගසක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

ට්‍රේසිං කඩදාසි 160 gsm

සුදු ජෙල් පෑනක් - ස්ටයිලිෂ් ටූල් එක

One Needle  ටූල් එක

රන්වන් පැහැති ජෙල් පෑනක්

පර්ගමානෝ කතුර

නිර්මාණය කිරීම

පළමුව සුදු ජෙල් පෑන ගෙන මෝස්තරය ට්‍රේසිං කඩදාසිය මත ඇඳ ගන්න. ඉන්පසු මෝස්තරය කණපිට හරවා එම්බෝසිං පෑඩ් එක මත තබා ස්ටයිලිෂ් ටූල් එකෙන් ඇඳ ගන්න.

නත්තල් ගස රූපයේ දැක්වෙන ආකාරයට ඇඳ ගන්න. මිලිමීටර් 3 ටූල් එක ආධාරයෙන් එම්බෝස් කර ගන්න. බෝ එක සහ නත්තල් ගසෙහි ඇති රවුම් කොටස් රන්වන් පැහැති ජෙල්පෑනෙන් එකෙන් ඇඳ ගන්න.

නත්තල් ගසෙහි scalp කොටසෙහි මැද කොටස One Needle එකෙන් කණපිට පැත්තෙන් සිදුරුකර ගන්න. කාඩ්එක වටේ One Needle එකෙන් සිදුරු කර කතුර භාවිත කර කපා ගන්න.

2019/11/27 තරුණි බලන්න