අමතර පන්ති යන දියණියට ලස්සන බැක්පැක් බෑගයක්

දෙසැම්බර් 18, 2019

අවුරුද්දක් අවසන් වෙන්න ඇවිත්. තවත් අලුත් අවුරුද්දක් ඉදිරියට ඇවිදින්. පන්තියෙන් පන්තිය ඉහළට ආපු දෝණි දැන් ඉන්නේ අලුත් පන්තියක. හිරිමල් යොවුන් වියේ ඉන්න ඇය හරිම මෝස්තරකාරී.

පන්ති යන්න ලස්සන බෑග් ඉල්ලනවා. අද වෙළෙඳපොළේ තියෙන බෑග්වල මිල බොහොම ඉහළයි. ඒත් ඔබ මැහුමට දක්ෂ නම් ඔබේම අතින් මේ ලස්සන බෑගය මසා දියණියට තිළිණ කරන්න. ඇය බෙහෙවින්ම සතුටට පත්වේවි.

බෑගයට අවශ්‍ය කරන දෑ පළමුව හඳුනා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

රෙක්සින් හෝ වෙනත් රෙදි වර්ගයකින් යාර 1 ක්

ලයිනිං සඳහා කැම්බ්‍රැල්ලා රෙදි යාර 1 ක්

අඟලේ වෙබිං යාර 3 ක්

අඟල පළල කොටු බකල් 2 ක්

අඟලේ ඇජෙස්මන්ට් 2 ක්

කෝඩ් නූල් යාර 2 ක්

ඊවා ෂීට් කැබැල්ලක්

නොම්බර 10 ෂිපර් අඟල් 13 ක්

නොම්බර 10 ෂිපර් හෙඩ් 1 ක්

 

නිර්මාණය කිරීම

මෙම බෑගය සකස් කිරීම සඳහා පළමුව රෙදි කොටස් කපාගත යුතුයි. එම රෙදි කොටස් අප ඔබට ලබා දී ඇති 1, 2, 3 හා 4 රූපසටහන් අනුව පතරොම් සකස්කර කපාගත යුතුයි. එම පතරොම් අනුව අවශ්‍ය කොටස් රෙක්සින්වලින් කපාගන්න. මෙහි සියලුම මිමි අප සටහන්කර ඇත්තේ අඟල්වලිනි.

5 වැනි රූපය අනුව කපාගත් කොටස ෂිපරයේ දෙපසට තබා මසාගන්න. බෑගයට අවශ්‍ය ලයිනිං කොටස් කපා ගත යුතු ආකාරය 6, 7 හා 8 රූප මඟින් දක්වා ඇත.

3 වැනි රූපය හා 4 වැනි රූපයේ දක්වා ඇති ප්‍රමාණයටම ලයිනිං කොටස් කපා ගන්න. ඊවා ෂීට් කැපීමේ දී අඟල් 1/4 ක් අඩුවෙන් කපාගත යුතුයි.

දැන් අපි මසා ගන්නා ආකාරය බලමු.

1 වැනි රූපසටහනේ පෙනෙන පරිදි කපාගත් රෙදි කොටසේ කණපිට පැත්තට 6 වැනි රූපසටහනේ දැක්වෙන ලයිනිං කොටස තබා අඟල් 1/4 ක ප්‍රමාණයට වටේටම මසාගන්න. මෙය බෑගයේ පිටුපස කොටස වේ. මෙම කොටසේ ඉහළ සිට පහළට අඟල් 3 1/2 ක් ලකුණුකර හරහට රේඛාවක් අඳින්න. 2 වැනි රූපයේ පෙනෙන පරිදි රෙදි කොටස් දෙකක් කපාගන්න. එම කොටස් දෙකේ මැදට පොකට් එකක් තිබෙන ආකාරයට 8 වැනි රූපයෙන් දැක්වෙන ලෙස කපාගත් ලයිනිං කොටස තබා මසාගන්න. මසා නිමකර ඇති කොටස දෙස බලන්න. මෙය ඡායාරූපය මඟින් පෙන්වා ඇත.

3 වැනි රූපයේ පෙනෙන පරිදි රෙදි කොටස් එකක් ද ඊවා ෂීට් කොටස් එකක් ද ලයිනිං කොටස් එකක් ද කපාගන්න. මෙම කොටස් තුනම එකට තබා තමාට කැමැති නම් වටේට පයිපිං කරගත හැකියි. එසේ නොමැති නම් කණපිට පැත්තට තබා මසාගන්න. පසුව හොඳ පිටට හරවාගන්න. වටේටම අවුට්ලයින් එකක් ගසා ගන්න. මෙය ක්ලැප් (ජතචන) කොටස වේ. 4 වැනි රූපයේ පෙනෙන පරිදි රෙදි කොටසක් ද ඊවා ෂීට් කොටසක් ද ලයිනිං කොටසක් ද කපාගන්න. මෙම කොටස් තුනම එකට තබා වටේට අඟල් ¼ ක ප්‍රමාණයට මසා ගත යුතුයි. මෙය අඩිය කොටසයි. පසුව 1 වැනි රූපයේ පිටුපස කොටසේ අඟල් 3 ½ ක් ලකුණුකර හරහට ඇඳගත් රේඛාවේ හරි මැද ලකුණු කරන්න.

 

2019/12/15 තරුණි බලන්න

රූ රටා -  විදුමිණි