සුබපැතුම් පතට බොත්තම් රටා

දෙසැම්බර් 18, 2019

වසර අවසානයත් අත ළඟටම ඇවිත්. පාසල් වාරයත් අවසන්. පොඩිත්තො ඉන්නෙත් නිදහසේ.

ඒ නිසා නත්තලටත් අලුත් අවුරුද්දටත් නෑදෑයන්ට හා යහළු යෙහෙළියන්ට සුබ පතන්න සුබ පැතුම්පත් ඔවුන්ගේ ම අතින් නිර්මාණය කරන්න අවස්ථාව උදාකරලා දුන්නොත් හොඳයි නේද? මේ තියෙන්නේ එවැනි සුබපැතුම් පත් කිහිපයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

විවිධ වර්ණ, විවිධ ප‍‍්‍රමාණවල බොත්තම්

වර්ණවත් කාඩ්

ෆෝම් කාඩ් කොටසක් හෝ කොළ පාට රිබන්

ගම්

කතුර

ප්ලාස්ටික් තරු

නිර්මාණය කිරීම

අපි පළමුව නත්තල් ගස සහිත කාඩ් පත නිර්මාණය කරමු. නත්තල් ගසක හැඩයට පතරොමක් සකසාගන්න. කාඩ් පත සැකසීම සඳහා ගත් කාඩ් කොටස ගෙන (ඒ4 කොළයක ප‍‍්‍රමාණය සෑහේ.) හරි මැදින් දෙකට නමන්න. එහි එක් පැත්තක නත්තල් ගස තබා ඇඳගන්න. දැන් උඩ කොටස කොළ පාටින් ද කඳ දුඹුරු පාටින් ද වර්ණ ගන්වන්න. පසුව විවිධ ප‍‍්‍රමාණවල කොළ පාට බොත්තම් ගෙන ගස සම්පූර්ණයෙන් වැසෙන සේ බොත්තම්වලින් අලවන්න. ගස උඩින් තරුව අලවන්න.

 

2019/12/15 තරුණි බලන්න