රිබන් එම්බ්‍රොයිඩරි කලාව

ජනවාරි 1, 2020

ෙඩිසි මලින් විසිතුරු කළ මල් ඉත්තක්

නව වසරක ආරම්භයත් සමඟ රිබන් එම්බ්‍රොයිඩරි කලාවට ආධුනික ඔබ වෙනුවෙන් කදිම තිළිණයක් ලබාදෙන්නෙමු.

අප තිළිණ කරන නිර්මාණ අලුතින් මෙම කලාව හදාරන අයට තරමක් අපහසුබව ඔබ නිතර කියන දෙයකි. ඒ නිසා මේ ඉටුවන්නේ ඔබේ ඉල්ලීමකි.

ත‍‍්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය කියන රිබන් එම්බ්‍රොයිඩරි මඟින් සරල මල් ඉත්තක් මසන ආකාරය මෙලෙස ගෙන එනවා. ඩේසි මල්, නිල් හා දම් පැහැයක් ගන්නා බ්ලූබෙල් සහ කහ පැහැති මෙරිගෝල්ඩ් මල් මෙහි අලංකාරව මසා ඇත. රිබන් එම්බ්‍රොයිඩරි කලාවට ආධුනික ඔබට මෙම මල් ඉත්ත පහසුවෙන් මැසිය හැකියි. එසේ නම් මේ මල් ඉත්ත මසා ඔබත් මෙම කලාවට දෑත හුරුකරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

සුදු, කහ, නිල්, කොළ වර්ණවල

බේබි රිබන්

කොළ පාට රෙදි පින්තාරු තීන්ත

කහ, තැඹිලි වර්ණවල මිලිමීටර්

2 පළල රිබන්

කහ පාට හා කොළ පාට කැරැලි නූල්

රාමුව

ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය අනෙකුත් දේවල්

නිර්මාණය කිරීම

පළමුව මෙහි දළ සටහනක් සකසා ගන්න. එය රෙදි කොටසට පිටපත් කරගන්න. කොළ වර්ණ පින්තාරු තීන්ත ගෙන පසුබිම වර්ණ ගන්වන්න. රෙදි කොටස මඳ පවනේ වියැළුණු පසු රාමුවට දමා තදකර මැසීම අරඹන්න. අපි පළමුව සුදු පාට ඩේසි මල් මසන ආකාරය බලමු.

මෙහි මල් පෙති සුදු පාටින් බුරුලට කෙළින් මැස්මෙන් හා රිබන් මැසමෙන් මසාගන්න. මල් මැදට කහ සහ තැඹිලි පැහැයෙන් ප‍‍්‍රංශ ගැට මසාගන්න. නිල් පැහැති බ්ලූ බෙල් මල් පෙති නිල් පාට බේබි රිබන් ගෙන වාමාවර්ත, දක්ෂිණාවර්ත හා මධ්‍යස්ථ රිබන් මැස්මෙන් මසාගන්න. ඒ වායේ මල් රේණු සඳහා කහ පැහැති කැරැලි නූලෙන් පිස්ටිල් මැස්ම හා ප‍‍්‍රංශ ගැට යොදන්න. කහ පාට මෙරිගෝල්ඩ් මල්වල පෙති කහ පැහැයෙන් පෙති පහක් ලෙස කෙළින් මැස්මෙන් බුරුලට මසන්න. මල් මැදට කොළ පාටින් ප‍‍්‍රංශ ගැට මසාගන්න.

මල් ඉත්තේ නටු අඹරවා කෙළින් මැස්මෙන් හා කවුච් කිරීමෙන් මසාගන්න. කොළ රිබන් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් අවශ්‍ය ලෙස මසාගන්න.

උපදෙස්

ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා

2020/01/01 තරුණි බලන්න