අයිස් කැප් එකක් ගොතමු

ජනවාරි 8, 2020

සීතලට, පින්නට ඔළුව ආවරණය කරගන්න පිරිසකුත් ඉන්නවා. ඒ අතර පොඩි දරුවෝ විශේෂයි.

ලොකු පොඩි කවුරුත් වෙනුවෙන් අයිස් කැප් එකක් එහෙම නැත්නම් සීතලට පලඳින තොප්පියක් මෙලෙස වූල්වලින් ගොතා ගනිමු.

අයිස් කැප් එක සඳහා ඔළුවේ මුදුන රවුම් කොටසට සරිලන රවුමක් ගොතාගත යුතුයි.මේ සඳහා මැජික් රින්ග් එකක් සාදා එයට දෙපට පිරවිලි අටක් යොදන්න. දැන් එකට දෙක වටයක් හා එකයි දෙකයි එකයි වට එකක් ද එකයි එකයි දෙකයි වටයක් ද ලෙස රටාව පරිදි ඔළුවේ රවුමට සරිලන රවුමක් ගොතන්න.

දැන් එකට එක බැඟින් පිරවිලි යොදමින් අවශ්‍ය උස එනතෙක් වට දහයක් පමණ ගොතන්න. මෙහිදී දාරයක් මෙන් උස්වීමට අවශ්‍ය නම් පිරවිලි පහක් ගොතා හයවැනි පිරවිල්ලට ඉදිරිපස දෙපට පිරවිල්ලක් එක් කරන්න. මෙලෙස දාර අවශ්‍ය තැන්වලට ඉදිරිපස දෙපට පිරවිලි එක් කරගන්න.

අවශ්‍ය දිගට වඩා අඟල් දෙකක් දිගට ගොතා එම කොටස නමා ගන්න. මුදුනට තරමක විශාල පොම් පොම් බෝලයක් රඳවා ගන්න.

 

උපදෙස්

වූල් ගෙතුම් හා නූල ් රේන්ද

ගෙතුම් නිර්මාණ ශිල්පිනී

කේ. එම්. දර්ශනී