ලී පබළුවලින් හැඩැති නිර්මාණ

ජනවාරි 15, 2020

සොඳුරු නිර්මාණ කළ හැකි පබළු නිර්මාණ කලාවේ තවත් අගනා ඉසව්වක් වෙත ඔබ කැඳවාගෙන යනවා. ඒ ලී පබළුවලින් කළ අගනා නිර්මාණ පෙළකි.

බලන්න, බිත්ති සැරසිලි, මාල, බ්‍රෝච්, පාවහන්, හෙයා බෑන්ඩ් ආදියට මේ ලස්සන මල් රටාවෙන් ලැබී ඇති එළිය. මෙය නම් දෑතට හුරුකර ගත්තොත් ඔබටත් කදිම ස්වයං රැකියාවකට මඟ විවරකර දේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

නොම්බර 08 රවුම් ලී පබළු

නොම්බර 08 වී ඇටයක්

හැඩැති ලී පබළු

0.55 තංගුස්

නොම්බර 18 විශාල රවුම් පබළු

 

සාදන අයුරු

පසුගිය පාඩම් මාලාව තුළින් ඔබව දැනටමත් පබළු මඟින් විවිධ හැඩතල වර්ග, කී ටැක් වර්ග ගොතා ගැනීමට පහසුවෙන් හැකියාවක් ලැබී ඇති බව නොඅනුමානයි. පසුගිය පාඩමේදී තොණ්ඩු ක්‍රමය හෙවත් ගැට ක්‍රමය පිළිබඳ ඉගෙනගත් අතර එම ගැට ක්‍රමය මෙම නිර්මාණය සඳහා යොදාගැනීම වඩාත් සුදුසු වේ.

2020/01/15 තරුණි බලන්න

උපදෙස් - ශ්‍රී ලංකාවට පබළු භාණ්ඩ කලාව හඳුන්වා දුන්,

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

ඩී. ඩී. ගීතිකා මධුමාලි