කුෂන් කවරයට ලස්සන මල් රවුමක්

ජනවාරි 22, 2020

බෝවිටියා මල් සිහිගන්වන කැලෑ රෝස මලින් කළ මල් රවුමකි. කුෂන් කවරයකට, පුටු කවරයකට මෙන්ම ටීපෝ කවරයකට ගැළපෙන මේ ලස්සන මල් රවුම ඔබටත් පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.

රෝස පැහැය නිසා වැඩි ලස්සනක් ගෙන දෙන අතර ඔබ කැමැති නම් මේ වර්ණ වෙනුවට ඔබ කැමැති වර්ණ භාවිත කරමින් මෙය මසාගත හැකියි. පුටු සෙටියට, ඇඳට, කව්ච්චියට ආදී ලෙස සකසාගත් කුෂන් කවර තබා නිවෙස හැඩකරගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ලිනන් රෙදි

රෝස, කොළ වර්ණවල අඟල පළල රිබන්

තද රෝස, කොළ ආදී පාටවලින් රෙදි

පින්තාරු තීන්ත

පීච්, තැඹිලි, දම්, කොළ වර්ණවල

මිලිමීටර් 2 පළල රිබන් හා බේබි

රිබන්

කොළ, දුඹුරු වර්ණවල කැරැලි නූල්

පබළු

රාමුව

 

උපදෙස් ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා

2020/01/22 තරුණි බලන්න