හදවතේ හැඩය ඇති ආදරණීය සුබපැතුමක්

පෙබරවාරි 12, 2020

ආදරයට ආදරය කරන අයගේ ආදරණීය මාසය පෙබරවාරිමාසයයි. මේ මාසයේ තමන් ආදරය කරන කෙනාටවැලන්ටයින් සුබ පැතුමක් යවන්න හිතන අයත් ඉන්නවා. ඒඅය වෙනුවෙන් සුබපැතුමක් නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු වර්ණ ඒ4 (ඒෆෝ) කොළ

හොඳීන් ඇලවෙන ගම්

කතුර

ඒ4 (ඒෆෝ) බෝඩ්

සුදු, රතු කාඩ්

කෝඩ් නූල්

නිර්මාණය කිරීම

පළමුව අවශ්‍ය ද්‍රව්‍ය සපයාගන්න. එම ද්‍රව්‍ය අංක 1 රූපයේ දක්වා තිබේ. මෙම කාඩ්පතේ මැද සකසා ඇත්තේ පොප්-අප් ක්‍රමයටයි. රතු ඒෆෝ කොළ ගෙන සෙන්ටිමීටර් 7×10 කොටස් අටක් කපාගන්න. එම එක් කොටසක් හරි මැදින් දෙකට නමන්න. දැන් එහි හදවත් හැඩයක් ඇඳ කපාගන්න. එලෙස කොළ කොටස් අටෙන්ම හදවත් හැඩ අටක් කපාගන්න. දැන් එම හදවත් හරි මැදින් දෙකට නමන්න. එලෙස නැමූ හදවතක එක් කොටසක පිට පැත්තේ ගම් ගා ඊළඟට දෙකට නැමූ හදවත අලවන්න.