පින්තාරුවෙන් ජීවය ලැබූ හමිංබර්ඩ්

පෙබරවාරි 26, 2020

ලස්සන පින්තාරුවකින් කුෂන් කවර, කොට්ට උර, ඇඳ ඇතිරිලි ආදියට අපූර්ව පෙනුමක් ගෙන දිය හැකියි. පින්තාරුවෙත් ක්‍රම බොහොමයි.

මේ කියලා දෙන්නේ වන්ස්ට්‍රොක් කලාවෙන් හමිං බර්ඩ් කුරුල්ලෙක් පින්තාරු කරගන්න ආකාරයයි. මේ කුරුල්ලා අපි නිතර දකින පැණි කුරුල්ලට බෙහෙවින්ම සමානයි. ඌ හරිම ආකර්ෂණීයයි නේද? එසේනම් ඔබටත් පුළුවන් මෙලෙස පින්තාරුවක් කරගන්න. එය ඔබේ නිවෙස හැඩකරන ආයිත්තම්වලට අගනා පෙනුමක් ගෙන දේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් ග්‍රීන්, මැජෙන්ටා, කහ, සුදු හා කළු වර්ණයන්ගෙන් අමෙරිකානු තීන්ත/ටෙක්ස්ටයිල් මීඩියම්

පිඟානක්

නොම්බර 03 ෆ්ලැට් බ්‍රෂ් එකක්

නොම්බර 01 සහ 02 රවුම් බැරුසු

සෝදා පිරිසුදු කරගත් 12×12 ලිනන් රෙදි කොටසක්

පින්තාරුව කිරීම

පළමුව පිඟානකට ඔලිව් ග්‍රීන් හා සුදු වර්ණයෙන් තීන්ත දමා නොම්බර 03 ෆැල්ට් බ්‍රෂ් එකට අප කියා දී ඇති ආකාරයට තීන්ත පුරවා සකස්කර ගන්න. ඉන්පසු රෙද්ද මත කුඩා අඩ කවයක් සිටිනසේ පින්සල ගෙන කඳුළු බින්දුවක ආකාරයේ පින්සල් පහරකින් කුරුල්ලාගේ උඩුහිස සහ කඳ කොටස නිමා කර ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා ශිල්පිනී

ශලින්ද්‍රි ආලෝකා

2020/02/26 තරුණි බලන්න.