සුන්දර ටියුලිප් මල් පින්තාරුවෙන් මවන සිරියාව

මාර්තු 11, 2020

අපිට නුහුරු වුවද ටියුලිප් මල බොහෝ සුන්දය. ඒ නිසාම විවිධ නිර්මාණයන් කිරීමේ දී එහි අනුරුව යොදා ගැනෙන ආකාරය ඔබත් දැක ඇති. එය මැහුමට මෙන්ම පින්තාරුවටත් කදිමයි. ඇප්ලික් රටා මඟින් ද එයට ජීවය දිය හැකියි. එමෙන්ම රෙදි හා කඩදාසි මල් කලාවෙන් ද මේ සුන්දර කුසුමට ජීවය දෙන්නට අපේ ළඳුන් බොහොම දක්ෂයි.

මේ ආදී විවිධ කලාවන්ගෙන් ජීවය ලබන ටියුලිප් මලක් වන්ස්ට්‍රොක් කලාවෙන් පින්තාරු කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. මෙය වීදුරු බඳුනට, මේස රෙද්දට, ඇඳ රෙද්දට, කුෂන් කවරයට, කොට්ට උරයට, බෑගයට, ටීපෝ කවරයට, බිත්ති සැරසිල්ලකට මෙන්ම ටේබල් රනර් සඳහාත් අපූරුවට ගළපාගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා ශලින්ද්‍රි ආලෝකා

 

2020/03/11 තරුණි බලන්න