මංගල ඇරැයුම් පතක් සහ කේක් බොක්ස් එකක්

මාර්තු 11, 2020

මල් මනාලියක් වන්නට සිහින දකින ඔබට මංගල ඇරැයුම් පත වගේම කේක් ඇසුරුමත් වැදගත් අංගයන්. මේ දේවල් ඔබේ නිර්මාණාත්මක කුසලතාව මත ඔබේම අතින් නිර්මාණය කරගත්තොත් වටිනාකම වැඩියි නේද?

ඒ සඳහා අපි ලස්සන නිර්මාණයක් මෙලෙස ගෙන එනවා. මෙහි වර්ණ ඔබේ තීම් එකට ගළපා ඔබේම අතින් මේවා නිර්මාණය කරගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ඒ4 බෝඩ් 1 ක්

ක්‍රීම් වර්ණ එම්බෝස්

බෝඩ් කොටසක්

රේන්ද කොටසක්

පබළු, ගම්, කතුරක්

මල්, කොළ අතු, හාට් හැඩ

හා ආරාධනාවල ඩයිකට්ස්

 

වෙඩිං කාඩ් එක

නිර්මාණය කිරීම

සුදු ඒ4 බෝඩ් එක ගෙන දෙකට නමා ගන්න. දෙකට නමාගත් එක කොටසකට වඩා වට ප්‍රමාණයෙන් ටිකක් අඩුවෙන් එම්බෝස් බෝඩ් කොටස කපාගන්න. (හතර වටේටම අවුට් ලයින් එකක් සිටින ආකාරයට) එම්බෝස් බෝඩ් කොටසේ හරිමැදට වඩා ටිකක් පහළින් රේන්ද කොටස අලවාගන්න. 

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර අංශයේ ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

චූලනී ජයසිංහ

 

 

රූ රටා  - විදුමිණි

 

 

2020/03/11 තරුණි බලන්න