රවුම් පාපිස්සක හැඩ

මාර්තු 18, 2020

ගෙතුම් කලාවෙන් නිවෙස හැඩකරන්න පාපිසි ගොතන ආකාරය පිළිබඳ ඔබ දැන් තරමක් දැනුවත්. අද අපි තවත් ක්‍රමයකට රවුම් පාපිස්සක් ගොතාගන්නට ඉගෙන ගනිමු.

මෙලෙස ගොතන පාපිසිවලට ඔබට වෙළෙඳපොළක් ද පහසුවෙන් සොයාගත හැකි වේවි.

පසුගිය පාඩම්වල පාපිසි ගෙතීමේ මූලික පියවරේ දී අප ලබා දුන් අංක 01 සිට 05 දක්වා පින්තූර නිරීක්ෂණය කරන්න.

1. ඒ අනුව අප පහදා දුන් පාපිසි ගෙතීමේ මූලික පාඩම්වලින් මූලික පාපිස්සේ පස්වැනි වටය තෙක් සම්පූර්ණ කරගන්න.

2. හයවැනි වටය සඳහා දෙපට පිරවිලි හයක් පේළියට යොදන්න.දම්වැල් දෙකක් ගොතන්න. සිදුරු දෙකක් අත හරින්න. නැවත දෙපට පිරවිලි හයක් ගොතන්න. මෙලෙස සම්පූර්ණ කරගන්න. ලිස්සන ගෙතුමින් සම්බන්ධ කරන්න.

3. හත්වැනි වටයේ දී දෙපට පිරවිලි එකයි, දම්වැල් එකයි, දෙපට පිරවිලි එකයි, දම්වැල් එකයි, දෙපට පිරවිලි එකයි ලෙස ගොතාගන්න.

(පෙර අප පිරවිලි හයක් යෙදූ පේළිය උඩට සිටිනසේ)දැන් දම්වැල් තුනක් ගොතා ඊළඟ පිරවිලි හයේ තැනට යන්න. පෙර ලෙසම පිරවිලි එකයි, දම්වැල් එකයි ලෙස ගොතන්න. (රූපයේ හත්වැනි වටය හොඳීන් බලන්න)

 

උපදෙස්

වූල් ගෙතුම් හා නූල් රේන්ද ගෙතුම් නිර්මාණ ශිල්පිනී

කේ. එම්. දර්ශනී

 

 

2020/03/19 තරුණි බලන්න