ඉංගී‍්‍රසි හෝඩියේ අකුරු K හා L

අප්‍රේල් 15, 2020

අද අපි K හා L අකුරු නිර්මාණය කරමු. මේ දක්වා ඔබ ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහයක්ම නිර්මාණය කර අවසන්. මේ 11 හා 12 වැනි අකුරුත් නිර්මාණයකර එයට එකතු කරගන්න.

මෙම අකුර ද කුඩා පර්ල් පබළු මඟින් නිර්මාණය කරගැනීමෙන් පෙන්ඩන්ට් එකක් ලෙස ද ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබළු මඟින් නිර්මාණය කරගැනීමෙන් කී ටැග් එකක් ලෙස ද යොදාගත හැකියි. දූ දරුවන්ගේ ඉංග්‍රීසි අකුරු හෝඩියටත් මෙලෙස නිර්මාණය කරගත හැකියි

 

අවශ්‍ය ද්‍රව්‍ය

නොම්බර 08 හෝ නොම්බර 06 ප්ලාස්ටික්

ක්‍රිස්ටල් පබළු

නොම්බර 0.5 හෝ 0.55 තංගුස්

 

සාදන අයුරු

K හා L අකුරු නිර්මාණයේ දී ද අප පසුගිය පාඩම්වල උගත් පරිදි එනම් අංක 1 රූපසටහනේ දක්වා ඇති පරිදි කොටසක් ගොතාගන්න. ඉන්පසු අංක 2 රූපයේ ලෙස එහි හරි මැදින් තංගුස් පොටක් දමා අංක 3 රූපයේ පරිදි එක් පසකට පබළු දෙකක් දමා අංක 4 රූපයේ පරිදි ඉන් එක් පබළුවක් ක්‍රොස් කරගන්න. ඉන්පසු අංක 5, 6 හා 7 රූපවල පරිදි ඉදිරියට හතරේ වට රවුම් තුනක් ගොතාගන්න. දැන් අංක 8 රූපයේ පරිදි නැවත අලුත් තංගුස් පොටක් ගෙන පබළු තුනක් ඇති වට රවුමේ අනෙක් පසට දමාගන්න. ඉන්පසුව අංක 9, 10, 11 හා 12 රූපවල පරිදි හතරේ වට රවුම් හතරක් ගොතා ගැට දමා අවසන් කරගන්න. ඉදිරියට ගොතා ගැට දමා අවසන් කරගන්න. දැන් ඔබට ම් අකුරේ හැඩතලය නිර්මාණය වී ඇති අයුරු දැකගත හැකියි. එවැනි කොටස් දෙකක් ගොතාගන්න.

දැන් ඔබ ආපස්සට පාඩම් පෙරළා බලා 9වැනි පාඩම යළි මතකයට නඟන්න. එම පාඩමේ කියාදුන් පරිදි ගොතාගත් ම් අකුරේ හැඩතල දෙක එකට තබා මූට්ටු කරගන්න. ඔන්න දැන් ම් අකුර හරි. ම් අකුර කියා දුන් පරිදිම ඹ් අකුරත් නිර්මාණය කරගත හැකියි. එහි දී කේ අකුරේ මැද කොටස එල් අකුර අගින් ගොතාගත යුතුයි

 

උපදෙස් - ශ්‍රී ලංකාවට පබළු භාණ්ඩ කලාව හඳුන්වා දුන්,

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

ඩී. ඩී. ගීතිකා මධුමාලි