ඉවත දමන ඩෙනිම් කලිසමකින් සයිඩ් බෑගයක්

අප්‍රේල් 29, 2020

මුළු ලෝකයම එක්තැන් කරන්නට කොරෝනා වෛරසයට හැකිවුණා. ඒත් එහෙම කියලා ශ්‍රී ලාංකේය අපි පසුබට විය යුතු නැහැ. කොරෝනාව අපේ ජීවිත අවුල් කළා. ආර්ථිකය පහළට බැස්සුවා. දෛනික ජීවන රටාව සහමුලින්ම ඍණාත්මක කළා. මේවා මෙසේ වුවත් අපි අභියෝග ජයගන්නා ජාතියක් වෙමු. " එක්ව ජයගනිමු " මේ අපේ දිරි ගැන්වීමයි.

නිවෙසේ රැදී සිටින ඔබට ස්වයං රැකියාවක් කරමින් දිරියට සවියක් ලබා ගත හැකියි. මේ යළි නැගී සිටින්නට කදිම අත්වැලකි. අලුත් අදහසක් ලෙස අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ නිවසේ පාවිච්චි කර ඉවතලන අල්මාරියේ පසෙක තබා ඇති ඩෙනිම් කලිසම් වලින් සරල බෑගයක් නිර්මාණය කරන ආකාරයයි. මේ සඳහා පතරොම් නැත. නිවසක අනිවාර්යයෙන් යෙන්ම අයින් කර ඇති පරණ ඩෙනිම් කිහිපයක්ම ඇති බව නොඅනුමානයි. ඉන් එකක් ගෙන ඉහළ කොටසින් කලිසම් කකුල් දෙක දෙපැත්තට බෙදෙන තැනින් කපා ගන්න. පටියක් 50" පමණ දිගට කකුල් කොටසින් තීරුවක් කපා හැඬල් පටියක් සාදා ගන්න. කණපිට පැත්තෙන් අඩිය මසන්න.කලිසමෙන් කපා ගත් ඉදිරිපස සිපර් එක විවරය නැතිවන සේ මසා දමන්න. හැඬල් පටිය මැසීමට බකල් අවශ්‍ය නැත. දිග පටිය අඩිය මසාගත් බෑගයේ දෙපසට තබා මැෂිමෙන් මසන්න. අඩිය මසන විට රූපයේ පරිදි හැඩ කර මසන්න. නිවසට වී සිටින ඔබට මේලෙස අලංකාර සයිඩ් බෑගයක් නිර්මාණය කර ගත හැකිය. ඔබේ ප්‍රයෝජනයට මෙන්ම හිතවතුන්ට විකුණා අත මිට සරුකර ගන්නට හැකියි.

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පීනී

ඉරේෂා අබේකෝන්