හරි ලස්සන රෝස මල් කුමරි

මැයි 20, 2020

මල් බඳුනක් තුළට වෙලා රෝස මලක් ළඟ සැඟවී හිඳිනා පුංචි මල් කුමරියකි. සිඟිති ලොවේ සුරඟනන් සිහිකරන මෙය පොඩිත්තන්ගේ ආයිත්තම් හැඩකරන්න කදිමයි. පොත් කවර, බෑග්, උපන්දින සුබ පැතුම් මේ රටාවෙන් අපූරුවට සකසාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 11ක් හෝ 14ක් ඇති පරණ

සුදු පැහැයේ අයිඩා රෙදි

නොම්බර 24 හෝ නොම්බර 26 ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්

රාමුව. ඉඳීකටු, කතුර

නිර්මාණය කිරීම

අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් මෙම නිර්මාණය සෙන්ටිමීටර් 11.79×13.06 ප‍‍්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10 හෝ 11 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප‍‍්‍රමාණය අනුව නිර්මාණයේ ප‍‍්‍රමාණය වෙනස් වේ.