කුෂන් කවරයට මල් පිරුණු හදවතක්

ජුනි 17, 2020

හදවතක හැඩයට නිර්මාණය කළ මල් රටාවකි. රෝස මල් සහිත මෙය කුෂන් කවරයකට, පුටු කවරයකට මෙන්ම ටීපෝ කවරයකටත් ගැළපේවි.

පාට පාට මල් පිරුණු මේ ලස්සන මල් හදවත පහසුවෙන් නිර්මාණය කරගන්නත් හැකියි. එළැඹෙන නව වසරේ පුටු සෙටියට, ඇඳට, කව්ච්චියට ආදී ලෙස සකසාගත් කුෂන් කවර තබා නිවෙස හැඩකරගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

රෝස, කොළ, ළා නිල්, මධ්‍යස්ථ

නිල් වර්ණවල අඟල පළල රිබන්

තද රෝස, කොළ ආදී පාටවලින්

රෙදි පින්තාරු තීන්ත

පීච්, තැඹිලි, කහ. රෝස, කොළ

වර්ණවල මිලිමීටර් 2 පළල රිබන්

කහ, තැඹිලි, රෝස ආදී

වර්ණවල බේබි රිබන්

කොළ, සුදු, කහ වර්ණවල

කැරැලි නූල්

පබළු

රාමුව

ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

පළමුව මෙහි දළ සටහනක් සකසා ගන්න. එය රෙදි කොටසට පිටපත් කරගන්න. පින්තාරු තීන්ත ගෙන මල් හදවත වර්ණ ගන්වන්න. රෙදි කොටස මඳ පවනේ වියැළුණු පසු රාමුවට දමා තදකර මැසීම අරඹන්න.

 

 

උපදෙස් - ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා

2020/06/17 තරුණි පුවත්පත බලන්න.