කුෂන් කවරයට මල් රටා

ජූලි 1, 2020

ර්ණවත් රිබන්වලින් ගෙත්තම් කළ කුෂන් කවර පෙළකි. බලන්න, ඔෙබි මැහුම් හැකියාවත් එකතු කරලා මෙවැනි තුෂක් කවරයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඔෙබි විසිත්ත කාමරයටත් අපූරු කලඑළියක් එක් කරගන්න පුළුවන් නේද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

වර්ණ කීපයකින් අඟල් 1/2 රිබන්

සුදු බේබි රිබන්

ටැපැස්ටි‍්‍ර ඉඳිකටුවක්

සිපරයක්

පබළු

නිර්මාණය කරමු

අප පළමුවෙන්ම මල් ඉති සහිත කුෂන් කවරය මසා ගනිමු. ඒ සඳහා අඟල් 18×18 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපා ගන්න. දැන් එහි එක් කොටසක් ගෙන ඒ මත ඔබ මසන කුෂන් කවරයේ දළ සටහනක් ඇඳ ගන්න. පළමුව එහි යටින් ඇති කොළ මසා ගත යුතුය. ඒ සඳහා කොළ වර්ණ අඟල් 1/2 රිබන් කොටසක් ඉඳිකටුවට දමා රිබන් මැස්මෙන් කොළ මසාගන්න. එහි උඩින් මල් මසාගන්න. මෙහි ඇති මල් ද රිබන් මැස්මෙන් මසා ඇත. මල් මැදට දුඹුරු පාටින් ප්‍රංශ ගැට දමා තිබේ. එයට ඉහළින් ඇති කොළ සහ පොහොට්ටු ද රිබන් මැස්මෙන් මසා ඇති අතර මනි පත්‍ර සඳහා ද රිබන් මැස්මම භාවිතකර තිබේ.

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

හර්ෂණී රණසිංහ

 

2020/07/01 තරුණි පුවත්පත බලන්න.