ලීෆ් මැස්ම

ජූලි 29, 2020

වර්ණ නූල් පොටකින් ගෙත්තම් කළ හැකි නීඩ්ල් පොයින්ට් මැහුම් කලාවේ තවත් පියවරක් මෙලෙසින් ඔබ වෙත ගෙන එනවා. කුෂන් කවරයට, මේස දරණුවට වගේම බෑග් නිර්මාණය කිරීමේදිත් යොදාගත හැකි මේ මැහුම් කලාවේ එන ලීෆ් මැස්ම සහ ෂෙල් මැස්ම මසා ගන්නා ආකාරය කියාදෙන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10/11 සහිත අයිඩා රෙදි

ටැපැස්ට්‍රි නොම්බර 20/21 ඉඳිකටු

කපු කැරැලි නූල්

මසන අයුරු

අප මුලින්ම ලීෆ් මැස්ම මසන ආකාරය ඉගෙන ගනිමු. එහර්‍ණඡ්දී රූප සටහනේ දැක්වෙන ආකාරයට අංක 1 න් නූල උඩට ගෙන එම සිදුරේ සිට සිදුරු 6 ක් ගණන්කර හයවැනි සිදුරට ඉඳිකටුව ගසා අංක 2 ට කෙළින් මැස්මක් මහන්න. ඉන්පසු අංක 3 න් නුල උඩට ගෙන නැවත අංක 2 ට මහන්න. පසුව අංක 4 න් අංක 2 ටද, අංක 5 න් අංක 2 ටද මසා නැවත 6 න් 2 ට මහන්න. ඉන්පසු 7 න් 8 ට, 9 න් 10 ට, 11 න් 12 ට, 13 න් 14 ට මහන්න. නැවත 17 න් 11 ටත් 18 න් 14 ත් මසා මෙම මැහුම අවසාන කරගන්න.

ෂෙල් මැස්ම

ඒ සඳහා අංක 1 න් ඉඳිකටුව උඩට ගෙන සිදුරු 7 ක් ගණන්කර නැවත අංක 2 න් ඉඳිකටුව යටට ගසන්න. මෙලෙස අංක 8 දක්වා මසා ගන්න. අවසානයේදී අංක 9 න් අංක 2 ට ඉඳිකටුව ගසා ගන්න.

දැන් අප මේ මැහුම ක්‍රම දෙක යොදා ගනිමින් මේස දරණුවක් මසා ගන්නා ආකාරය බලමු.

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශිරන්ති පෙරේරා

 

2020/07/29 තරුණි බලන්න