රිබන් එම්බ්‍රොයිඩරි

ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය - 02
අගෝස්තු 5, 2020

රිබන් එම්බ්‍රොයිඩරි කලාවට අත් පොත් තබන්නට මං සොයන අය බොහෝයි. ඒ නිසාම ආධුනික ඔබ වෙනචුවෙන් අපි ගිය සතියේ දී අගනා පොත් පිංචක් තිළිණ කළෙමු. මේ එහි දෙවැනි පොතයි. දැන් අපි රිබන් වර්ග හා මැහුම් ක්‍රම පිළිබඳ දැනුවත්. අද මේ කලාව පිළිබඳ තවත් දැනුම එකතු කරගන්නට ඔබට අවස්ථාව උදා වෙනවා.

රිබන් කොටස කපන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් නූලෙන් මහනවාට වඩා ඉක්මනින් අපිට රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණයක් කළ හැකියි. එයට හේතුව වන්නේ නූලකට වඩා රිබන් පළලින් වැඩි වීමයි. ගිය සතියේ දී අපි රිබන්වල පළල ගැන කතා කළා. මිලිමීටර් 2 පළල, බේබි රිබන්, අඟල් භාගෙ පළල රිබන් හා අඟල පළල රිබන් ඒ අතර තියෙනවා.

රිබන්වලින් ලස්සනට මහන්න නම් රිබන් කොටසත් හොඳ පෙනුමට තිබිය යුතුයි. ඒත් අපි රිබන් කොටසක් අරගෙන එක දිගට මහද්දී රෙදි කොටසේ උඩට යටට ඇදීමෙන් එය ඉක්මනින්ම පළුදු වෙනවා. ඇදීමකට ලක්වෙනවා. මෙන්න මේ නිසා අපි රිබන් කොටස ගොඩාක් දිගට කපා ගන්නේ නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි රිබන් කොටසක් කපාගන්නේ සෙන්ටිමීටර් 30ක් (අඟල් 12ක්) වගේ දිගකටයි. ඊට වඩා දිගට කපන්න එපා.

 

උපදෙස්
 ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
 ශිරන්ති පෙරේරා

2020/08/05 තරුණි පුවත්පත බලන්න.