පින් කුෂන් එකකට පතොක් මලක්

අගෝස්තු 19, 2020

මැහුමට ගෙතුමට හිතැති එහි නියැළෙන ළඳුන් සතුව විවිධ ඉඳීකටු, අල්පෙනෙති බොහොමයි. මේ දේවල් ආරක්ෂාකාරී ලෙසින් නොතැබුවොත් අනතුරු වෙන්නත් පුළුවන්.

ඒ නිසාම අල්පෙනෙති හා ඉඳිකටු රඳවන්න මැහුම් ගෙතුම් කරන හැමෝම ළඟ පින් කුෂන් එකක් තිබිය යුතුමයි. ඒ සඳහා අත්වැලක් වෙමින් අපි කැක්ටස් මලක් එනම් පතොක් මලක ආකාරයේ පින් කුෂන් එකක් නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා කොළ පාට ෆෙල්ට් රෙදි

පුළුන්

ගැළපෙන වර්ණ නූල්

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

මේ කැක්ටස් මලේ එක් පෙත්තක් සඳහා අවශ්‍ය පතරොම අප ඔබට ලබා දී තිබෙනවා. එය අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගෙන. පතරොමක් සකසා ගන්න. එය භාවිතකර ෆෙල්ට් ‍රෙදි කොටස් හයක් කපා ගන්න.

 

 

2020/08/19 තරුණි පුවත්පත බලන්න