බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාව

ත්‍රිමාණ මැහුම් කලාවක විස්මය
සැප්තැම්බර් 30, 2020

හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාවට නෑකම් කියන තවත් ලස්සන කලාවක් ලෙස අපට බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාව හඳුනාගත හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ත්‍රිමාණබවක් තිබීමයි.

මෙය බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි නමින් හැඳුනුම් ලබා ඇත්තේ එම රටේ මෙම මැහුම් කලාව බොහෝ ජනප්‍රිය වූ නිසය. අද වන විට ලෝකයේ බොහෝ රටවල මෙය ජනප්‍රිය මැහුම් කලාවකි. විශේෂයෙන්ම බටහිර රටවල මෙය බොහෝ ප්‍රසිද්ධියට පත්වී ඇත.

තරුණී මැහුම් පොත සමඟ රොද බැඳගෙන සිටින ඔබට මෙම කලාව නිවැරැදිව හදාරන්න අවස්ථව අද සිට උදාවෙනවා. අපි පළමුව මෙම කලාවෙන් නිර්මාණ කිරීම සඳහා අවශ්‍ය දේවල් විමසා බලමු.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

 

 

2020/09/30 තරුණි පුවපත බලන්න