ඔබේ ගැටලුවලටයි මේ විසඳුම්

මහන්න නිර්මාණ වගේම ගැටලු විසඳ ගන්නත් අපෙන් උපකාර
ඔක්තෝබර් 28, 2020

තාක්ෂණයට, අධ්‍යාපනයට ළඳුන්ගේ ඇති කැමැත්ත තරමටම ගෙදර ගෘහණියක් කියන භූමිකාවටත් ඇය පිවිසිය යුතුයි. මේ නිසා අපේ ගැහැනු දරුවන් අධ්‍යාපනය වගේම ගේදොර වැඩකටයුතු ගැනත් මනා අවබෝධයක් ලබාගත යුතුමයි. එය අනාගතයේ සාර්ථක බිරියක් වන්නට මහඟු අත්වැලක් වේවි. අපේ සමහර දියණියන් මොනතරම් ඉහළට අධ්‍යාපනය හැදෑරුවත් විවාහයෙන් පස්සේ, එහෙමත් නැත්නම් දරුවන් ලැබීමෙන් පස්සෙ රැකියාවෙන් ඉවත් වෙනවා. ඉන්පසු දරුවන් උස්මහත් වෙද්දී තමන්ගේ කාලය ඵලදායීව යොදවන්න, අමතර ආදායමක් උපයන්න, තමන්ගේ දෑතේ හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නයි හිත. එහෙම ඉන්න අය මැහුම්, ගෙතුම්, අත්කම්. ඉවුම්, පිහුම් ගැන වැඩි වැඩියෙන් උනන්දුයි. මේ අය තරුණී වෙතින් තමන්ගේ ජීවිතයට වැඩි වටිනාකම් එකතුකර ගන්නවා. එහෙම මැහුමට ගෙතුමට හිත ගිය අපේ ළඳුන් කිහිප දෙනෙක් තමන්ට මතුවූ ගැටලු කිහිපයකට අපෙන් විසඳුම් පැතුවා. මේ ඒ ගැටලු නිරාකරණය කරගන්න අවසථාවයි.

 

ප්‍රශ්නය - මම රිබන් එම්බොයිඩරි පාඩම් තරුණී වෙතින් ඉගෙන ගත්තත් මැසීමට ගිය විට දී ගැටලු ඇති වේ. විශේෂයෙන්ම මා තොරාගත් රෙදිවල මැසීම බෙහෙවින්ම අපහසුය. රිබන් එම්බ්‍රොයිඩර් සඳහා සුදුසු වන්නේ කුමන රෙදි වර්ගය ද?

රාජගිරිය - අනෝමා

පිළිතුර

මේ සඳහා ඉතාම සුදුසු වන්නේ සොෆ්ට් ලිනන් (ඉධටබ තඪදඥද) රෙදි වර්ගයයි. ඊට හේතුව මිලිමීටර් 2, මිලිමීටර් 4, අඟල් ½ හෝ අඟල් 1 යන ප්‍රමාණවල රිබන් ඉතා පහසුවෙන් Soft linen රෙද්ද හරහා මැසීමට ඇති හැකියාවයි. නමුත් ඔබ කරන නිර්මාණය අනුව ඊට වඩාත්ම සුදුසු රෙදි වර්ගය තෝරාගත යුතුයි.

උදාහරණ ලෙස රාමුකරන බිත්ති සැරසිල්ලකට නම්  Soft linen/Medium linen  කුෂන් කවර සඳහා  Hard linen, Paper linen, Handloom, raw silk, satin  සෝදන ලද අමු රෙදි තොරාගත යුතුයි. මේස රෙදි සඳහා Hard linen, Handloom  සුදුසුයි. කොට්ට උර සඳහා නම් ෂීටිං රෙදි (sheeting fabric)  තෝරාගන්න.

මේ අනුව බලන කල ඕනෑම රෙදි වර්ගයක් රිබන් එම්බ්‍රොයිඩර් කළ හැකි අතර රිබන් පටිය පහසුවෙන් ගමන් කළ හැකි (මැසිය හැකි) රෙදි වර්ගයක් මෙන්ම තමන් කරන නිර්මාණයට සුදුසු රෙදි වර්ගයක් තෝරා ගත යුතු බව වටහාගන්න.

 

ප්‍රශ්නය - රිබන් එම්බ්‍රොයිඩර් සඳහා භාවිත කළ යුතු රිබන් පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකි ද? ඒ සඳහා සුදුසු වන්නේ කුමන රිබන් වර්ග ද? පේපර් රිබන් මැසීමට භාවිත කළ හැකි ද?

අතුරුගිරිය - ජෙනී

පිළිතුර

මේ සඳහා 100% ක්ම ඉඪතඬ රිබන් හෝ ඉචබඪද පඪඡඡධද සුදුසු වේ. ශ්‍රී ලංකාවේ ඉතා පහසු මිලට මෙන්ම බහුලව දක්නට ලැබෙන්නේ ඉචබඪද පඪඡඡධද වෙන අතර එය මේ සඳහා යොදා ගනී. (100% ඉඪතඬ පඪඡඡධද මිල වැඩියි. එමෙන්ම බහුලව දක්නට නොලැබේ.) එමෙන්ම ර්‍ථචනඥප පඪඡඡධද මේ සඳහා භාවිත කරන්නේ නැත.

 

රිබන් එම්බ්‍රෙයිඩර් සඳහා ඉතා සුදුසු ඉඳිකටු වර්ගය කුමක්ද? මෝස්තරක් රෙදි කොටසට පිටපත් කරන ආකාරය ද පහදා දෙන්න?

යාපහුව - අනෝමා

පිළිතුර

මේ සඳහා ඉතාම සුදුසු ටැපැස්ට්‍රි ඉඳිකටුවයි. ඒවායේ තුඩ මොට නිසා රිබන් එකට හානියක් නොවී මැසීම කළ හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම රෙදි වර්ගයක මිලිමීටර් 2, මිලිමීටර් 4, අඟල් ½ හෝ අඟල් 1 රිබන් වර්ග මැසීමට ටැපැස්ට්‍රි නොම්බර 20 ඉඳිකටුව යෝග්‍ය වේ. නමුත් සොෆ්ට් ලිනන් හෝ ඝනකම අඩු වියමන ටිකක් ඈතින් ඇති රෙද්දක් නම් මිලිමීටර් 2 රිබන් මැසීමට නොම්බර 21 හෝ 22 ඉඳිකටුව ද භාවිත කළ හැකියි.

ටිකක් ඝනකම වැඩි (උදා: අමු රෙදි) රෙදිවල මැසීමේදී නම් ක්‍රිවල් නොම්බර 20 වැනි ඉඳිකටුවක් භාවිත කිරීම යෝග්‍ය වේ. එම ඉඳිකටුව තුඩ සහිතය.

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

 

2020/10/28 තරුණි බලන්න.