කේක් එකට එළිය ගෙනෙන වර්ණවත් ලිලී මල්

ඔක්තෝබර් 28, 2020

සොබාදහම් මෑණියන්ගේ අපූරු නිමවුමක් වන ලිලී මල ශීතල ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ මේ මල අයිසිං මල් කලාවෙන් හැඩකරන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ඩස්ටිං පවුඩර්

කටර් සහ ටූල්

ගේජ් 26 කම්බි

කොළ ගම් ටේප්

නිර්මාණය කිරීම

මේ මල සාදා ගැනීමට පෙර මුලින්ම රේණු සාදා ගත යුතුයි. ඒ සඳහා අයිසිං බෝලයක් ගෙන ගේජ් 26 කම්බි කොටසකට දමා එය තමන්ගේ ඇඟිලි තුඩු මඟින් කම්බියට සමානව කූරක් ආකාරයට සාදාගන්න. පළමුවැනි ඡායාරූපය මඟින් එය ඔබට පැහැදිලි වේවි. එක් මලකට මේ ආකාරයෙන් කූරු හයක් පමණ සාදාගත යුතුයි.

ඉන්පසු එහි උඩ කොටස සඳහා නැවතත් කුඩා අයිසිං බෝලයක් ගෙන එය ද දිගැටි ලෙස අතින් සාදා මැදින් ප්ලාස්ටික් මිට සහිත පිහියකින් කුඩා පාරක් අඳීන්න. ඉන්පසු දුඹුරු වර්ණ ගන්වා ගත් ජෙලටින් කුඩු මත දමා දවටා ගන්න. දෙවැනි ඡායාරූපය මඟින් එය ඔබට පැහැදිලි වේවි. මේ ආකාරයට මලේ අනෙක් රේණු සඳහා ද පෙර ලෙසටම සාදා එහි උඩ පිහියකින් තද කරමින් සාදා එය ද කහ වර්ණ ඩස්ටිං පවුඩර් මිශ්‍රණයක තවරා ගන්න.

එක් මලකට කහ වර්ණ එක් රේණුවක් අවශ්‍ය වේ. තෙවැනි ඡායාරූපයෙන් එය ඔබට පැහැදිලි වේවි. ඉන්පසු සිව්වැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට දුඹුරු ඩස්ටිං පවුඩර් තවරාගත් රේණු හයක් මැදින් කහ වර්ණ රේණුවක් තබා කම්බි සියල්ල සුදු ගම් ටේප් එකකින් ඔතා ගන්න. පසුව කොළ වර්ණ අයිසිං බෝලයක් ගෙන එහි එක් පැත්තක් බෝල ටූලයෙන් ටූල් කර එය මනි පත්‍ර‍යක් සේ සිටින පරිදි මැදින් රේණු රඳවා ගන්න. දැන් පස්වැනි ඡායාරූපයෙන් දැක්වෙන ආකාරයට කොළ ගම් ටේප් ඔතාගන්න.

 

මල් පෙති සාදා ගනිමු.

ඒ සඳහා මීට පෙර මල් පෙති සාදා ගත් ආකාරයට අයිසිං බෝලයක් ගෙන තරමක් තුනීකර කම්බි කොටසක් මත රඳවා ගන්න. හයවැනි ඡායාරූපයෙන් ඒ ඔබට පැහැදිලි වේවි. දැන් මෙය තුනීකර කටර් තබා මල් පෙති තුන බැගින් කපාගන්න. කපාගත් මල් පෙත්තක් සහ කටර් හත්වැනි ඡායාරූපයෙන් ඔබට දිස්වේවි. පසුව එම මල් පෙති බෝල ටූලයෙන් ටූල් කර ඩස්ටිං පවුඩර් ආලේප කරන්න. පෙතිවල උඩට සහ යටට කොළ වර්ණය ආලේප කර වේනර් කරගන්න. නැතහොත් ටූත් පික් එකකින් ඉරි ඇඳගන්න. එය අටවැනි ඡායාරූපයෙන් පැහැදිලි වේවි.

 

උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

2020/10/28 තරුණි බලන්න.