වර්ණවත් පෙති පිරුණූ කානේෂන් මල්

නොවැම්බර් 18, 2020

මල් ලෝකයේ තිබෙන තවත් ලස්සන මලක් ලෙස කානේෂන් මල හඳුන්වන්න පුළුවන්. මේ මල් කොමලිය වර්ණ කීපයකින්ම ස්වාභාවික පරිසරයේ දී දැකිය හැකි අතර එය අපි අයිසිං මල් කලාවෙන් මෙලෙස නිර්මාණය කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ඩස්ටිං පවුඩර්

කටර් සහ ටූල්

ගේජ් 20 කම්බි

ගම් ටේප්

ටූත් පික් එකක්

 

නිර්මාණය කිරීම

පළමුව මීට පෙර මල් සාදාගත් ආකාරයට කුඩා අයිසිං බෝලයක් ගෙන කොක්කක් ආකාරයට සාදා ගත් ගේජ් 20 කම්බි කොටසකට රඳවා පොහොට්ටුවක් ආකාරයට සාදා ගන්න. එලෙස සාදාගත් පොහොට්ටුව පළමුවැනි ඡායාරූපයෙන් දැක්වෙන අතර එය දිනක් පමණ වේළෙන්නට තබන්න. ඉන්පසු තවත් අයිසිං බෝලයක් ගෙන තුනීකර කටරය තබා මල් පෙති කපාගන්න. එය දෙවැනි ඡායාරූපයෙන් දැක්වේ. නැතිනම් රවුම් හැඩති පියනක් මඟින් පෙති කපාගන්න. පසුව පෙති මත ඩස්ටිං පවුඩර් තවරා ෂේඩඩ් කරගන්න. තෙවැනි ඡායාරූපය මඟින් එය ඔබට පැහැදිලි වේවි. නැතිනම් සුදු වර්ණ අයිසිං මඟින් මල් පෙත්ත කපා වේළා ගත් පසු තමන්ට අවශ්‍ය පරිදි වර්ණ ගන්වා ගන්න.

2020/11/18 තරුණි පුවත්පත බලන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය