දම් පැහැයෙන් බබළන ස්වීට් පී මලක් හදමු

නොවැම්බර් 25, 2020

සොඳුරු සිත්තම් මවන අයිසිං මල් කලාව තුළින් අද අපි කියලා දෙන්න සූදානම් වන්නේ ඉඹඥඥබ නඥච (ස්වීට් පී) මලක් නිර්මාණය කරගන්නා ආකාරයයි. අපේ රටේ වැවෙන කටරොළු මල තමයි අපි බොහෝ විට ස්වීට් පී මල ලෙස හඳුන්වන්නේ. බලන්න, මේ මලත් කේක් එකක් ලස්සන කරගන්න හරිම ලස්සනයි නේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ගේජ් 26 කම්බි

ගම්ටේප්

කටර් සහ ටූල්

නිර්මාණය කිරීම

පළමුවෙන්ම පෙර මල් සාදාගත් ආකාරයටම ගේජ් 26 කම්බි කොටසක් ගෙන කොක්කක් ආකාරයට සාදා ගන්න. ඉන්පසු අයිසිං බෝලයක් ගෙන කොක්ක මත රඳවා පොහොට්ටුක් සාදා ගන්න.

දැන් එහි එක් පැත්තක් ඇඟිලි තුඩු මඟින් තද කර ටූල් එකෙන් රැලිකරන්න.

මෙය පළමුවැනි ඡායාරූපයෙන් දැක්වේ. මෙහි මල් පෙති කපා ගැනීම සඳහා කටර් දෙකක් අවශ්‍ය වේ. එම කටර් දෙක දෙවැනි ඡායාරූපයෙන් දැක්වේ. ඉන්පසු තෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අයිසිං බෝලයක් ගෙන තුනීකර හදවත් හැඩැති කටරය තබා පෙත්තක් කපාගන්න.

දැන් එම පෙත්ත තරමක් පළල් වෙන ආකාරයට ටූල්කර වේනර් කරන්න. සිව්වැනි ඡායාරූපය මඟින් එය ඔබට පැහැදිලි වේවි.

 

 

මල් නිර්මාණය

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

2020/11/25 තරුණි පුවත්පත බලන්න