නත්තල් සුබපැතුමට හැඩැති කාඩ්පත්

දෙසැම්බර් 2, 2020

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සිදු වූ නත්තල එළැඹෙන්නට ඇත්තේ තවත් සති තුනක් පමණ කාලයකි. වර්තමානයේ ඇතිවී තිබෙන කෝවිඩ්-19 වසංගතයක් සමඟ මෙවර එය වෙනදා මෙන් එකට එකතු වී උත්කර්ෂවත් අන්දමින් සමරන්නට නොහැකි වුවත් ඔවුන් වෙනුවෙන් සුබ පැතුමක් එක් කරන්න ඔබට පුළුවන්.

එයට අත්වැලක් සපයමින් නිර්මාණශීලී දෑතක් හිමි ඔබට නිවෙසේ සිට සුබ පැතුම් පතක් සාදාගන්නට උපදෙස් ලබා දෙන්නයි අපේ මේ සූදානම.

පොයින්සෙටියා මලින් හැඩ වූ කාඩ් පත

අවශ්‍ය ද්‍රව්‍ය

රතු , කොළ ඒෆෝ බෝඩ්

වෙළෙඳපොළෙන් ලබා ගත් රතු සහ රිදී පැහැති බෝඩ් කොටසක්

රතු අඟල පළල රිබන්

ඩයිකට්ස්, ගම්, කතුරක්

කහ පබළුවක්

ගෝල්ඩ් පැහැති වෙළෙඳපොළෙන් ගත් කොළයක්

සාදන ක්‍රමය

පළමුව රතු ඒෆෝ බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. පසුව දෙකට නමන ලද රතු බෝඩ් එකට වඩා වට ප්‍රමාණයෙන් දශමයක් පමණ අඩුවෙන් කොළ පාට බෝඩ් කොටස කපා ගන්න. ඉන්පසු නැවතත් වෙළෙඳපොළෙන් ගත් රතු සහ රිදී පැහැති බෝඩ් කොටස ද එවැනිම ආකාරයට අඟල් දෙක හමාරක් පහතින් සිටින පරිදි කපා ගන්න. දැන් කපාගත් කොළ බෝඩ් කොටස මත පෙන්වා ඇති පරිදි රතු හා රිදී බෝඩ් කොටී අවුට් ලයින් එකක් ලෙස සිටින සේ අලවා ගන්න. පසුව පෙන්වා දී ඇති පරිදි රිබන් කොටස් දෙක කොළ බෝඩ් කොටසට අලවා ගන්න.

නැවතත් දෙකට නමන ලද රතු බෝඩ් එක මත කොළ බෝඩ් කොටස අවුට් ලයින් එකක් ලෙස පෙනෙන පරිදි අලවා ගන්න. පසුව පෙන්වා දී ඇති පරිදි කොළ හා සුදු ඩයිකට්ස් දෙක මත පොයින්සෙටියා ඩයිකට්ස් මඟින් සාදන ලද මල මැදින් අලවා ගන්න. වෙළෙඳපොළෙන් ගන්නා ලද ගෝල්ඩ් පැහැති කොළයක් ද අලවා ගන්න. සුබ පැතුම ඔබට අවශ්‍ය පරිදි ඩයිකට්ස්වලින් හෝ අතින් ද ලියා ගත හැකියි.

2020/12/02 තරුණි පුවත්පත බලන්න

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

චූලනී ජයසිංහ