නත්තල් ගස සරසන්න පොයින්සෙටියා මලක්

දෙසැම්බර් 9, 2020

කිතුණු බැතිමතුන්ට වඩාත් සුවිශේෂී කාල වකවානුවක් ලෙස මේ නත්තල් සමය හඳුන්වන්න පුළුවන්. නත්තල් සැරසිලිවලින් නිවෙස සරසන්න, ලස්සනට නත්තල් ගසක් හදන්න වගේම නිවෙස ඉදිරිපිට පුංචි ගවලෙනක් හදන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ .

ඒ නිසා මේ කාලයේදී ඔවුන් හරිම කාර්යබහුලයි. රටේ පවතින මේ කෝවිඩ්-19 රෝග තත්ත්වය නෑ හිත මිතුරන් සමඟ මෙවර එකට එකතු වෙන්න බැරි වුණත් තමන්ගෙ නිවෙස ලස්සන කරගන්න ඔවුන් සෑමවිටම උත්සාහ දරනවා. ඉතින් එවැනි ඔබ වෙනුවෙන් ලස්සන පොයින්සෙටියා මලක් හදාගන්න මෙවර තරුණි ඔබට කියා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු පැහැති ෆෙල්ට් රෙදි

ග්ලූ ගන් එකක්

දුඹුරු පැහැති බොත්තමක්

රතු නූලක්

ඉඳිකටුවක්

රතු බේබි රිබන් කොටසක්

නිර්මාණය කිරීම

පළමුව ෆෙල්ට් රෙදි කොටස ගෙන විශ්කම්භය සෙන්ටිමීටර් තුනක් පමණ වන වෘත්ත පහළොවක් කපාගන්න. ඉන්පසු පළමුවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට එක් රවුම් කොටසක් ගෙන එය මල් පෙත්තක් ආකාරයට නමා අලවා හෝ මසාගන්න. දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ සාදාගත් මල් පෙති කීපයකි. මෙම මල නිර්මාණය කරගැනීම සඳහා එවැනි මල් පෙති දාහතරක් අවශ්‍ය වේ.

මේ ආකාරයට මල් පෙති දාහතරම අලවාගත් පසු පෙති දෙකක් එකට සිටින සේ තබා නැවතත් අලවා හෝ මසාගන්න. එය තෙවැනි ඡායාරූපය මඟින් ඔබට පැහැදිලි වේවි. දැන් එසේ සාදාගත් මල් පෙති දාහතර එකට තබා අලවා ගන්න. සිව්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එයයි.

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

ගයනි සමරසේකර

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න