තෑගි හැඩ කරන්න කදිම සැරසිල්ලක්

දෙසැම්බර් 16, 2020

තෑග්ගක් කියන්නේ දෙන්නාගේ වගේම ලබන්නාගේත් හිත් සතුටින් පුරවන දෙයක්. ඒ නිසාම තෑග්ගක් දෙනකොට බොහොම අලංකාරව එය සරසා දෙන්නත් අප උනන්දුයි.

නත්තල කියන්නේ තෑගි දෙන කාලයක්. මේ කාලයේ ඔබේ ආදරණීයන්ට තෑගි ලබා දී සතුටු කරන්න හිතන ඔබටයි මේ ලස්සන සැරසිල්ල. තැගි පාර්සලය මෙවැනි අලංකාර සැරසිල්ලක් යොදා ගනිමින් හැඩ කළෝතින් එහි පෙනුම හා වටිනාකම තවත් වැඩි කර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

මිලිමීටර් 10 පළල කොළ තීරු (Quilling strips) රතු , කොළ පාට

අත්කම් නිර්මාණ සඳහා භාවිත කරන ගම් වර්ගයක් හෝ දෙපැත්තම ඇලවෙන ටේප් වර්ගයක් (Double sided tape)
කතුරක්

නිර්මාණය කිරිම

පළමුව අංක 1, 2 හා 3 ජායාරූපවලින් පෙන්වා දී ඇති පිළිවෙළට කොළ හා රතු පාට කොළ තීරු අලවා ගන්න. කොළ තීරුවල දිග ප්‍රමාණය ඔබගේ තෑගි පාර්සලය අනුව සකස් කර ගන්න. ඉන්පසුව අංක 4 හා 5 ජායාරූපවල දැක්වෙන පරිදි රතු හා කොළ පාට තීරු මාරුවෙන් මාරුවට දෙපැත්තට නමා ගොතා ගන්න. කොළ තීරුවල අවසානය ගම් ස්වල්පයකින් අලවා නිමකර ගන්න.

 

උපදෙස්

Ama's HomeMade හි නිර්මාතෘ අමා නාකන්දලගේ

 

 

2020/12/16 තරුණි පුවත්පත බලන්න