මුල් පිටුව

දෙසැම්බර් 23, 2020

කවරයේ කතාව

මෙවර තරුණී කවරය සරසන්නේ සුන්දර යුවතියක්, කඩවසම තරුණයෙක් සහ පුංචි දියණියක්.

කවරය සරසන හැඩකාර යුවතිය හංසි වික්‍රමසිංහ.

පිළියන්දල පදිංචි හංසි දෙරණ නාළිකාවේ විකාශය වන ධරණි ටෙලි නාට්‍ය නිසා මේ දිනවල වඩාත් ජනප්‍රියයි. වින්ද්‍යාගේ චරිතයට රංගනයෙන් දායක වන හංසි ඉදිරියේදි විකාශය වීමට නියමිත පිහාටු ටෙලි නාට්‍යට ද රංගනයෙන් දායක වී ඇත. නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට පිවිසි හංසි බම්බලපිටිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ආදී සිසුවියකි. රංගනයෙන් දිගු ගමනක් යෑමට ඇය බලාපොරොත්තුවෙන් සිටියී.

කවරය සරසන ඔහු හෂාන් රත්නායක. නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට පැමිණි ඔහුත් මේ දිනවල ධරණි ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙයි. ඒ දේවින්ද ගේ චරිතයටයි. Art TV සහ රිසිර නාළිකාවල නිවේදකයකු ලෙස කටයුතු කරන හෂාන් මහරගම ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. පාදුක්ක පදිංචි ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනපීඨයෙන් කළමනාකරණ උපාධිය අවසන් කළ උපධිදාරියෙකි. ව්‍යවසායකයකු ලෙස තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රංගන කටයුතුවලත් නිරත වීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි.

කවරය හැඩකරන හුරුබුහුටි දියණිය ස්ටෙෆ්නි ගුණසේකර. මීගමුවේ පදිංචි ඇය මීගමුව ගේට්වේ පාසලේ අධ්‍යාපනය ලබයි. නර්තනයට සහ ගායනයට විශේෂ හැකියාවක් ඇති ස්ටෙෆ්නිට තවම වයස අවුරුදු පහයි. අධ්‍යාපන කටයුතවලට මුල් තැන දෙමින් නර්තන සහ ගායන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න ඇය බලාපොරොත්තුවෙන් සිටියි.