මුල් පිටුව

ජුනි 9, 2021

නර්තන හැකියාවෙන් පිරිපුන් සනුරි පෙරේරා

අද තරුණී කවරය හැඩවෙන්නේ ජා ඇල උදම්මිට සනුරි පෙරේරාගේ රුවිනි. තුඩැල්ල නිමල මරියා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය මේ වන විට කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටී. කුඩා කල සිටම නර්තනයට දක්ෂතා දැක්වූ ඇය පාසලේ දී උඩරට, පහතරට, බටහිර සහ භරත ඇතුළු සියලුම නර්තන අංගයන් උගත්තාය. නර්තන ගුරුවරියක වීමේ අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාලයේදී භරත නැටුම් වලින් උපාධිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන ඇය මේ වන විටත් තමන් උගත් නැටුම් ශිල්පය දරු දැරියන් අතර බෙදා දෙමින් සිටින්නීය. ඇගේ අනාගතයට තරුණී සුබ පැතුම්.!

ඡායාරූපය - ශාන් රූපස්සර